ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෆියොන්ට ප්‍රංශ ජනාධිපති අපේක්ෂකත්වය අහිමිවන තත්වයක්
සිය ඥාතීන්ට ව්‍යාජ තනතුරු යටතේ වැටුප් ගෙවූ බවට චෝදනා ලැබ සිටින ප්‍රංශයේ ජනාධිපති අපේක්ෂක ෆ්‍රාන්ශුවා ෆියොන්ට සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ජේෂ්ඨ දේශපාලඥයෝ බල කරති.
ප්‍රංශයේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ඩොමිනික් දිවිල්පා කියා සිටියේ ජනාධිපති අපේක්ෂක ෆ්‍රාන්ශුවා ෆියොන් රිපබ්ලිකන් පක්ෂයේම අනාගතය අගාදයක් කරා මෙහෙයවමින් සිටින බැවින් ඔහු ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් විය යුතු බවය.
කෙසේ වෙතත් ෆ්‍රාන්ශුවා ෆියොන් තමාට එල්ල වී ඇති සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ නැගෙන විරෝධතා මැඩලමින් ජනාධිපතිවරණ සටන දිගටම කරගෙන යාමට තමන් අදහස් කරන බවය.
ෆ්‍රාන්ශුවා ෆියොන් විසින් සිය බිරිඳට ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද තනතුරක් යටතේ රජයේ වැටුප් ගෙවනු ලැබූ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
ප්‍රංශ බලධාරීන් විසින් පැරීසියේ පිහිටි ෆ්‍රාන්ශුවා ෆියොන්ගේ නිවස වැටලීමට ලක් කොට ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
මේ අතර ජනාධිපතිවරණයේ ප්‍රාථමික ඡන්ද විමසීමේ දී පරාජය කෙරුණු රිපබ්ලිකන් අපේක්ෂක අලාන් ජුප්පේ ෆ්‍රාන්ශුවා ෆියොන් වෙනුවට සිය පක්ෂය නියෝජනය කරනු ඇති බවට සැක පල වී ඇත.