ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශය ජනපතිවරණ සටනට සැරසෙයි
ප්‍රංශ ජනාධිපතිවරණයේ අප්‍රේල් 23 (ඉරිදා) පැවැත්වෙන පළමුවටයේ ඡන්ද විමසීම සඳහා එරට සුදානම් වෙමින් සිටී.
ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළි තුනක් බ්‍රහස්පතින්දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් අවලංගු කෙරුණ අතර ප්‍රහාරයට අදාළ පරීක්‍ෂණ සිදුවෙමින් පවතී.
පැරිස් නගර මධ්‍යයේදී එල්ල කෙරුණ එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මරණයට පත්වූ අතර ප්‍රහාරක තුවක්කුකරු ද පොලිස් වෙඩි පහරින් මරා දැමුණි.
කරීම් චෙයුර්ෆි නම් තුවක්කුකරු පිලිබඳ වැඩිදුර තොරතුරු සෙවීමේ පරීක්ෂණ සිදුවෙමින් පවතී.
මේ පිළිබඳව පැවති අවසන් මාධ්‍ය හමුවේදී ප්‍රංශ ආණ්ඩුවේ නීතිවේදියෙකුවන ප්‍රන්ෂුවා මොලින්ස් පැවසුවේ, කරීම් චෙයුර්ෆි තමන්ට පොලිස් නිලධාරීන් මරාදැමීමට අවශ්‍ය බව පවසා තිබුණද අන්තවාදී ඉස්ලාම් සංවිධාන සමග සබඳතා පැවති බවට සාක්‍ෂි නැති බවය.
ඉරිදා පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටය සඳහා එකොළොස් දෙනෙකු තරඟ වදින අතර වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා අපේක්ෂකයන් දෙදෙනා අතරින් ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා දෙවන වටයේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.
වසර පහළොවකට පසු ප්‍රථම වතාවට අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණට කාන්තාවක් යටතේ බලය ලබා ගැනීමේ අවස්ථාවක් උදා වී ඇති අතර අපේක්‍ෂිකා මැරීන් ල පෙන් 2015 න් පසු සිය දේශපාලන පක්ෂයට ප්‍රාදේශීය මැතිවරණවල දී ජයග්‍රහණ රැසක් ගෙනදුන්නාය.