පැරිස් ප්‍රහාරය: ජනපතිවරණ ප්‍රචාරක රැළි තුනක් අවලංගුයි

බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැරිස් නගරයේදී ඉස්ලාම්වාදී ත්‍රස්ත සැකකරුවෙකු විසින් පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා ඝාතනය කරනු ලැබීමත් සමග ප්‍රංශ ජනාධිපති ඔලොන්ඩ් විසින් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවනු ලැබිණි.

ප්‍රංශයේ ජනාධිපතිවරණය පැවැත්වීමට දින තුනකට පෙර මෙම ප්‍රහාරය එල්ලවූ අතර ජනාධිපති ඔලොන්ඩ් අවධාරණය කර කියා සිටියේ ආරක්‍ෂක හමුදා දැඩි විමසිල්ලෙන් යුතුව කටයුතු කරනු ඇතිබවය.

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනෙකු විසින් සිය අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි අවලංගු කරනු ලැබ තිබේ.

පැරිස් නගරයේ චැම්ප් එලිසීස් ප්‍රදේශයේදී පොලිස් නිලධාරියාට වෙඩි තබා ඝාතනය කළ සැකකරු පසුව මියගියේය