ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් රැසක් හෙළිවෙයි
ප්‍රහාරකයකට සුදානම් වෙමින් සිටිබවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු ප්‍රංශයේ ත්‍රස්ත ක්‍රියා මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
එම සැකකරුවන් පදිංචිව සිටි නිවස සහ එහි ඇති ගරාජය සෝදිසියට ලක්කිරීම සඳහා නිවෙස පිහිටා ඇති ක්ලර්මොන්ට් ෆෙරාන්ඩ් ප්‍රදේශයට බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ කණ්ඩායම් පිටත්කර යවා ඇති බව වාර්තාවේ.
මේ අතර දකුණු ප්‍රංශයේ නගරයක් වන මාසෙයි සහ පැරිස් අගනුවර ප්‍රදේශයේද තවත් අත්අඩංගුවට ගැනීම් වාර්තාවී ඇත.
මේ මස මුලදී ප්‍රංශයේ නිරිතදිගප්‍රදේශයේදී පුද්ගලයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටියදීය.