ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශය: 'ප්‍රහාර සැළසුම් කළ පිරිසක්' අත්අඩංගුවේ
පසුගිය සති අන්තයේ ප්‍රංශයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස් දෙනාම එරට අගනුවර ස්ථාන කීපයක ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කොට තිබුණු බව හෙළි වී ඇතැයි නීතිපති කාර්යාලය පවසයි.
ප්‍රහාර සඳහා සැලසුම් කොට තිබුණ ප්‍රදේශ අතර, පැරිස් නුවර ඉතා කාර්යබහුල නත්තල් වෙළඳසලක් ද ඇතුලත් වන බව වාර්තා වේ.
ප්‍රහාර සැලසුම් කිරීමේ චෝදනා මත ප්‍රංශ ජාතිකයන් හතර දෙනෙකු සහ දකුණු අප්‍රිකානු ජාතික පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පරීක්ෂණ මෙහෙයවන ෆ්රාන්සොයිස් මොලී පවසයි.
ඉරාකයේ හෝ සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ අණදෙන නිලධාරියෙකුගේ ජංගම දුරකථනයක් මාර්ගයෙන් ප්‍රහාර සඳහා මෙම සැකකරුවන්ට උපදෙස් ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.