ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය 'ක්‍රියාත්මකයි'
මතභේදයට තුඩු දී තිබෙන සිය තාඩ් මිසයිල ආරක්ෂක පද්ධතිය දැන් දකුණු කොරියාවේ ක්‍රියාත්මකවන බව ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක හමුදාව පවසයි.
උතුරු කොරියාවේ මිසයිල ප්‍රහාරයක් නැවැත්වීමට එම ආරක්ෂක පද්ධතියට හැකියාව තිබෙන නමුත් එය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇත.
ඇමෙරිකානු යුද නෞකා සමූහයක් සහ සබ්මැරීනයක් කලාපයේ රඳවා තිබීම සහ ප්‍රහාර එල්ල කරන බවට දිගින් දිගටම උතුරු කොරියාව කරන තර්ජන හමුවේ කලාපයේ උණුසුම ඉහලයමින් පවතී.
එක්සත් ජනපදයේ අලුත්ම යුද අභ්‍යාස පිළිබඳව කෝපාවිෂ්ඨ ප්‍රතිචාරයක් පළ කළ උතුරු කොරියාව, න්‍යෂ්ඨික යුද්ධයක අත වනන බවට ඇමෙරිකාවට චෝදනා කළේය.
දෙපාර්ශවය අතර යළිත් වරක් උණුසුම උත්සන්නවෙමින් පවතින්නේ, සුදුසු ආකාරයට උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් හමුවීමට අවස්ථාව ලැබෙන්නේ නම් එය "ගෞරවයක්" ලෙසින් සලකන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශකිරීමෙන් දිනකක්ට පසුවය.
තාඩ් ආරක්ෂණ පද්ධතිය මේ වසර අගභාගය දක්වා ක්‍රියාත්මක නොකෙරෙනු ඇතැයි මුලදී අපේක්ෂා කෙරුණ නමුත්, දින කිහිපයක් ඇතුලත එය ක්‍රියාත්මක කරන බව ඇමෙරිකානු බලධාරීහු පසුගිය සතියේ නිවේදනය කළහ.
දකුණු කොරියාවේ මධ්‍යම ෂෙඔන්ජු (Seongju) පළාතේ තාඩ් (Thaad - Terminal High-Altitude Area Defense system) පද්ධතිය සවිකරනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගේ ප්‍රබල විරෝධය මධ්‍යයේය.
එය පිහිටුවීම නිසා ෂෙඔන්ජු පළාත උතුරු කොරියාවේ ඉලක්කයක් විය හැකි බැවින් එමගින් සිය ජීවිතවලට තර්ජනයක් එල්ලවන බව ඔවුහු විශ්වාස කරති.
චීනයද එයට සිය විරෝධය පළ කර තිබේ.
තාඩ් පද්ධතියේ රේඩාර් පරාසය සිය හමුදා මෙහෙයුම්වලට බාධාවක් විය හැකි බව චීන බලධාරීහු සැක පහල කරති.
මෑත සති කිහිපය ඇතුළත අසාර්ථක මිසයිල අත්හදා බැලීම් දෙකක් සිදු කළ උතුරු කොරියාව, ඕනෑම මොහොතක සිය හය වෙනි න්‍යෂ්ඨික අත්හදාබැලීම සඳහා සූදානම් බවටත් තර්ජනය කරයි.
'තාඩ්' (Thaad - Terminal High-Altitude Area Defense system) යනු කුමක්ද ?
- කෙටි හා මැදි දුර මිසයිල පියාසර ගමනේ අවසන් අදියරට පැමිණෙද්දී ඉලක්කයට ළඟාවීමට පෙර බිම හෙලීම
- ඉදිරියට එන යුද ශීර්ෂය චාලක බලයෙන් විනාශ කරයි
- කි.මී. 200ක දුරක් විදිය හැකි අතර කි.මී.150ක උසකට ළඟාවිය හැකිය.
- උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි තර්ජන සළකා ගුවාම් සහ හවායි හි මීට පෙර ඇමෙරිකාව විසින් ස්ථානගත කරන ලදී
1. සතුරු මිසයිලය විදීම
2. 'තාඩ්' රේඩාර් පද්ධතිය විසින් නිරීක්ෂණයකොට, අණ සහ පාලන ස්ථානයට යොමු කිරීම
3. ප්‍රති මිසයිලයක් විදීම සඳහා 'තාඩ්' අණ සහ පාලන ස්ථානයෙන් උපදෙස් දීම
4. ප්‍රති මිසයිලය සතුරු මිසයිලය දෙසට විදීම
5. සතුරු මිසයිලය විනාශ කිරීම
මිසයිල විදින ට්‍රක් රථයකට ප්‍රති මිසයිල 8ක් දරා සිටිය හැක.