ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පින්ක් ස්ටාර්' ලෝක වාර්තාවක් පිහිටුවමින් වෙන්දේසියට
හොංකොං මැණික් වෙන්දේසියක දී රෝස පැහැති මැණිකක් ඇමරිකානු ඩොලර් මිලියන හැත්තෑ එකකට අලෙවි වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවයි.
'පින්ක් ස්ටාර්' මෙතෙක් වෙන්දේසියක දී මැණිකකට හිමි වූ වැඩිම මිල ලබා ගැනීමට සමත් විය.
කැරට් 59.6 ක් ලෙස වාර්තා වූ 'පින්ක් ස්ටාර්' නම් මාණික්‍ය ඔප දමා සුදානම් කොට වෙන්දේසියට ඉදිරිපත් කොට තිබුණි.
1999 වසරේ දකුණු අප්‍රිකානු පතලකින් සොයා ගනු ලැබූ 'පින්ක් ස්ටාර්' මැණික 2013 වසරේ ජිනීවා හි පැවති වෙන්දේසියක පළමු වරට ඇමරිකානු ඩොලර් මිලියන අසු තුනකට මිල නියම වී තිබුන ද විකිණීමක් සිදු නොවුනි.
හොංකොං මැණික් වෙළෙඳ සමාගමක් වන චෝව් තායි ෆූක් (Chow Tai Fook Jewellery) වෙන්දේසියේ දී 'පිනක් ස්ටාර්' මැණික මිලට ගත් ගැනුම්කරුය.
චෝව් තායි ෆූක් ආභරණ සමාගමේ ප්‍රධානියා කියා සිටියේ 'පින්ක් ස්ටාර්' ලොව මෙතෙක් සොයාගෙන ඇති විශාලතම රෝස පැහැති මැණිකවන අතර එහි පැහැය ඉතා දුර්ලභ වන බවය.