පසුගිය සතියේදී නොදැන සිටි කරුණු පහක්

පසුගිය සතියේ නොදැන සිටි කරුණු පහක්

01. "ළෙන්ගතු ස්පර්ශ කිරීම්" වැඩි වශයෙන් සිදු කිරීම හේතුවෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයෝ වඩාත් සතුටින් පසු වෙති.

ආදරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වැඩි වශයෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයන් වඩාත් සතුටින් පසුවීමේ නැඹුරුවක් පවතින බව අධ්‍යයනයකින් හෙළිව ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කරයි.

අධ්‍යයනය සඳහා පුද්ගලයන් හාරසිය දෙනෙකු සහභාගී වී ඇති අතර ලිංගික සේවනයේ යෙදෙන වාර ගණන, කොපමණ සතුටින් සිටීදැයි යන්න සහ ජීවිතයේ තෘප්තිමත්භාවය, සිය සහකාරිය හෝ සහකරු අතර කොපමණ ළෙන්ගතු ස්පර්ශ කිරීම් සිදු වනවා දැයි යන්න (තුරුළට ගැනීම, වැළඳ ගැනීම, සිප ගැනීම සහ එකිනෙකා ස්පර්ශ කර ගැනීම) පිළිබඳ ඔවුන්ගෙන් විමසා තිබේ.

02. පොදු පිහිනුම් තටාකවල මුත්‍රා ලීටර 75 ක්

පිහිනුම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පිහිනුම් තටාකවල ජලය සමග මුත්‍රා ලීටර 75ක් මිශ්‍රව පවතින බව විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගනු ලැබ ඇතැයි ගාඩියන් පුවත්පත පවසයි.

පිහිනුම් තටාකවල කොපමණ ප්‍රමාණයක් මුත්‍රා මිශ්‍ර වනවාදැයි යන්න ඇස්තමේන්තු කිරීම සඳහා යොදාගන්නා ලද ක්‍රමවේදයට අනුව, ශරීරයෙන් පිට කෙරෙන, සකසන ලද ආහාරවල වැඩි වශයෙන් අඩංගු කෘතීම රසකාරකවල සාන්ද්‍රණය මැන බැලීම මූලික වශයෙන් සිදු කරනු ලබයි.

අදාළ පර්යේෂණය සඳහා විද්‍යාඥයන් විසින් ලීටර 830,000 ක ධාරිතාවකින් යුත් පිහිනුම් තටාකයක් යොදා ගනු ලැබ තිබේ.

03. ඇපල් ගෙඩි තුළ මිනිස් සෛල වගා කළ හැක.

Dr Andrew Pelling has developed a way of growing human cells on an apple

ඇපල් ගෙඩි තුළ මිනිස් සෛල වගා කිරීමේ ක්‍රමවේදයක් කැනඩාවේ ඔටාවා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබේ.

එම සොයා ගැනීම ප්‍රතිජනනීය ඖෂධවල අනාගතය තීන්දු කෙරෙන නව දොරටුවක් විය හැකි බවට විද්‍යාඥයෝ බලාපොරොත්තු පළ කරති.

04. පාන් රාත්තලක කාබන් ඩයොක්සයිඩ් කිලෝ භාගයක්.

පාන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එක්සත් රාජධානිය තුළ පාන් රාත්තලක් නිෂ්පාදනය කිරීමේදී බරින් කිලෝග්‍රෑම් භාගයකට සමාන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායු ගෝලයට මුදා හැරෙන බව අධ්‍යනයකින් හෙළිව ඇති බව 'නිව් සයන්ටිස්ට්' වෙබ් අඩවිය වාර්තා කරයි.

05. සංගීත ශිල්පිනී රිහානා ප්‍රසංග සඳහා සංචාරය කරන විට සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා කුළු බඩු පෙට්ටියක් රැගෙන යයි. (Bonappetit වෙබ් අඩවිය)

රිහානා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සබැඳි යොමු