ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බලහත්කාරයෙන් ගණිකා වෘත්තියට
කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියට යෙදවීමේ චෝදනා මත කාම්බෝජයේ බලධාරීහු අඹු සැමි යුවලකට නඩු පවරා තිබේ.
අත්අඩංගුවට පත්වූ සැමියා ජපන් ජාතිකයෙකු වන අතර බිරිඳ කාම්බෝජ ජාතික කාන්තාවකි.
තමන්ට ආපන ශාලාවක රැකියා ලබාදෙන බව පවසා ජපානයට යැවීමෙන් අනතුරුව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියට යොමුකළ බවට කාම්බෝජයේ කාන්තාවන් හත්දෙනෙක් පවසති.
ෆේස්බුක්
ඉන් එක් කාන්තාවක් තමා බේරාගන්නා ලෙස ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ඉල්ලීමක් පළකර ඇති අතර එය දුටු බලධාරීන් මෙම කාන්තාවන් හත්දෙනා බේරාගෙන ඇත.
මීට අමතරව තායි ජාතික කාන්තාවන් දසදෙනෙකු ද බේරාගෙන ඇති අතර එහිදී තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට පත්වූ සියලුදෙනා එකම ලිංගික අපරාධ කල්ලියකට අයත් බවට සැකකෙරේ.