ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාලදිවයිනට ශ්‍රී ලාංකික ගණිකාවන් සපයන ජාවාරමක්
ශ්‍රී ලාංකික කාන්තාවන් ගණිකා වෘත්තීය සඳහා මාලදිවයිනට යැවෙන මිනිස් ජාවාරමක ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ රාත්‍රියේ (නොවැ.16) නියෝග කළේය.
එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්වූයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදීය. එහිදී උපාය දූතිකාවක යොදවා සබඳතා ගොඩනගා ගනු ලැබීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනිණි.
මාලදිවයිනේ ප්‍රභූවරුන්ට
මේ වනවිට ලාංකික කාන්තාවන් සියයකට අධික පිරිසක් මාලදිවයිනේ ගණිකා වෘත්තිය සඳහා සැකකරුවන් දෙදෙනා විසින් යොදවනු ලැබ ඇති බව විදේශ රැකියා ඇමැතිනියගේ මාධ්‍ය ලේකම් නලින් රාජපක්‍ෂ සංදේශයට පැවසීය.
සංචාරක වීසා බලපත් මත මාලදිවයිනට යැවෙන කාන්තාවන් එරට ප්‍රභූවරුන්ට අලෙවිකෙරෙන අතර මසකට රුපියල් එක්ලක්ෂ පනස් දහසක වැටුපක් එම කාන්තාවන්ට ගෙවන බව ද අනාවරණය වී ඇත.