ගබ්සා විරෝධී පාගමනට ජනපති සහාය

ගබ්සාව

ගබ්සා කිරීමට එරෙහි ක්‍රියාධරයන් පිරිසක් සිය වාර්ෂික පා ගමනට සහභාගිවීම සඳහා වොෂින්ටන් නුවරට එක්රැස්ව සිටිති.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම රැලියට සිය සහාය පළකරන අතර නව උප ජනාධිපති මයික් පෙන්ස් ද රැලිය ඇමතීය.

ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සා නීතිගත කරමින් දුන් තීන්දුවට විරෝධය පළ කරමින් දහස් ගණන් පිරිසක් සැම වසරකදීම පාගමනක් සංවිධානය කරන අතර, මේ වසරේ සංවිධානය කර තිබෙන පාගමනට දහස් ගණන් ජනතාව එක්වනු ඇති බව සංවිධායකයින් බලාපොරොත්තුවයි.

එහෙත් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පාගමනට සහභාගී වනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් පවසයි.