සිරියාව: ශෙල් ප්‍රහාරයකින් සිසුන් හත්දෙනෙකු මරුට

සිරියාවේ අලෙපෝ නුවර
ඡායාරූප ශීර්ෂ වැකිය, සිරියාවේ අලෙපෝ නුවර

සිරියාවේ කැරලිකරුවන් එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයක් පාසලකට පතිතවී ළමුන් හත් දෙනෙකු පමණ මියගිය බව අලෙපෝ ප්‍රදේශයෙන් වාර්තා විය.

ක්‍රියාධරයන් සහ සිරියානු රජයේ මාධ්‍ය සඳහන් කරන පරිදි ෂෙල් ප්‍රහාරයට ලක්වූ මෙම පාසල පිහිටා ඇත්තේ අලෙපෝ ප්‍රදේශයේ බටහිරදිග අල්-ෆර්ඛන් දිස්ත්‍රික්කයේය.

නැගෙනහිර අන්තය තවමත් පවතින්නේ කැරලිකරුවන්ගේ පාලනය යටතේය.
ඡායාරූප ශීර්ෂ වැකිය, නැගෙනහිර අන්තය තවමත් පවතින්නේ කැරලිකරුවන්ගේ පාලනය යටතේය

මෙම ප්‍රහාරය එල්ලවූයේ, මීට දින කීපයකට ඉහතදී අලෙපෝ හි නැගෙනහිර ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුවය.

ඊට ගොදුරුවී සාමාන්‍ය වැසියන් සියයකට අධික පිරිසක් මරණයට පත් වූ බව වාර්තා විය.

සිරියාවේ අලෙපෝ නුවර බටහිර ප්‍රදේශය හමුදා පාලනයේ පවතින නමුත් නැගෙනහිර අන්තය තවමත් පවතින්නේ කැරලිකරුවන්ගේ පාලනය යටතේය.