ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිරියාව: ශෙල් ප්‍රහාරයකින් සිසුන් හත්දෙනෙකු මරුට
සිරියාවේ කැරලිකරුවන් එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයක් පාසලකට පතිතවී ළමුන් හත් දෙනෙකු පමණ මියගිය බව අලෙපෝ ප්‍රදේශයෙන් වාර්තා විය.
ක්‍රියාධරයන් සහ සිරියානු රජයේ මාධ්‍ය සඳහන් කරන පරිදි ෂෙල් ප්‍රහාරයට ලක්වූ මෙම පාසල පිහිටා ඇත්තේ අලෙපෝ ප්‍රදේශයේ බටහිරදිග අල්-ෆර්ඛන් දිස්ත්‍රික්කයේය.
මෙම ප්‍රහාරය එල්ලවූයේ, මීට දින කීපයකට ඉහතදී අලෙපෝ හි නැගෙනහිර ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුවය.
ඊට ගොදුරුවී සාමාන්‍ය වැසියන් සියයකට අධික පිරිසක් මරණයට පත් වූ බව වාර්තා විය.
සිරියාවේ අලෙපෝ නුවර බටහිර ප්‍රදේශය හමුදා පාලනයේ පවතින නමුත් නැගෙනහිර අන්තය තවමත් පවතින්නේ කැරලිකරුවන්ගේ පාලනය යටතේය.