සමලිංගික විවාහයට එරෙහිව තායිවානයේ විරෝධතා

තායිපෙයි අගනුවර පසුගිය මාසයේ පැවති සමරිසි පාගමනක අවස්ථා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, තායිපෙයි අගනුවර පසුගිය මාසයේ පැවති සමරිසි පාගමනක අවස්ථා

තායිවානයේ සම ලිංගික විවාහ නීතිගත කිරීම සඳහා ඉදිරිපත් වූ කෙටුම්පතකට විරෝධය දැක්වීමට දහස් ගණනක පිරිසක් පාර්ලිමේන්තුව ඉදිරියේ උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.

උද්ඝෝෂණයේ සංවිධායකයෙකු කියා සිටියේ සෑම දරුවෙකුටම මවක් සහ පියෙකු ලැබීමේ අයිතියක් ඇති බවය.

මේ අතර සම ලිංගික විවාහ නීතිගත කිරීමට සහය දෙන පිරිස් ද පාර්ලිමේන්තුව ඉදිරියේ රැළියක් පවත්වමින් කෙටුම්පත නීතිගත කළ යුතු බව කියා සිටියහ.

තායිපෙයි අගනුවර පසුගිය මාසයේ පැවති සමරිසි පාගමනක අවස්ථා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කෙසේ වෙතත් තායිවානයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ බහුතර ජනතාව නව නීති කෙටුම්පතට සිය සහයෝගය පළ කොට ඇති බව වාර්තා වේ.

මෙම නීති කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත්, තායිවානය ආසියාව තුළ සමලිංගික විවාහ නීතිගත කළ ප්‍රථම රට බවට පත්වනු ඇත.