සංක්‍රමණිකයන් හත්සීයක් බේරාගැනීමේ මෙහෙයුමක්

දැවයෙන් තැනූ මුහුදු යාත්‍රාවක සිටින හත් සියයක් පමණවූ සංක්‍රමණිකයන් පිරිසකගේ දිවි බේරාගැනීමේ මෙහෙයුමක නිරතවී සිටින බව මධ්‍යධරණී කළාපයේ ක්‍රියාත්මක වන සහන සේවා ආයතනයක් පවසයි.
'මයිග්‍රන්ට් ඕෆ්ෂෝ ඒඩ් ස්ටේෂන්'ආයතනය ප්‍රකාශ කළේ සෙනසුරාදා උදෑසන මෙහෙයුම් ආරම්භ කළ බවය.
ශීත කාලයේ ආරම්භයත් සමග නරක අතට හැරෙමින් පවතින කාලගුණ තත්වයද නොසලකා සතියකට දහස් ගණනක් බැගින් වූ අනවසර සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් තවමත් උතුරු අප්‍රිකාවේ සිට යුරෝපය බලා ඉතාමත් අනතුරුදායක ලෙස මුහුදු යාත්‍රා මගින් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන ආකාරයට මධ්‍යධරනී මුහුදේදී වැඩිම සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් අනතුරට පත්වී ඇත්තේ 2016 වසරේදීය.
ඒ අනුව ජනවාරි මාසයේ සිට මේ දක්වා හාර දහසකට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් මුහුදේ ගීලීයාමෙන් අනතුරට පත්වී ඇත.




