ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩොනල්ඩ් ට්‍රම්ප්ට බාධාවක්
ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහනේ යෙදී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නෙවාඩා හි පැවති රැළියේදී මතුවුනු ආරක්ෂාව පිලිබඳ ගැටළුවක් හේතුවෙන් වහාම ඔහු වේදිකාවෙන් ඉවත්කිරීමට ආරක්ෂකයින්ට සිදුවිය.
රැළියට පැමිණි සිටි පිරිස අතරින් ඇතිවූ බාධාවක් හේතුවෙන් ඉවතට රැගෙන යනු ලැබූ රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් මද වේලාවකට පසුව පැමිණ තම කතාව අවසන් කළේය.
එක් පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ආයුධ කිසිවක් හමුවී නැති බව වාර්තාවේ.
ඔස්ටින් ක්‍රයිට්ස් නම් වූ එම පුද්ගලයා පොලීසියට පැවසුවේ තමා ට්‍රම්ප් විරෝධී පෝස්ටරයක් ඔසවද්දී රැස්ව සිටි පිරිසෙන් ඊට බාධා එල්ලවූ බවය.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් යන දෙදෙනාම ජනපතිවරණ සටනේ තීරණාත්මක ප්‍රාන්තයවූ ෆ්ලොරිඩාහි දී ප්‍රචාරක රැළි පැවැත්වූහ.
ලතින් ඇමරිකානු ප්‍රජාව වැඩි වශයෙන් ජීවත්වන ෆ්ලොරිඩා සහ නෙවාඩා ප්‍රාන්තවල ඡන්දදායකයන් කළින් ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රවණතාවක් පෙන්වන අතර සමීක්ෂකයන් පවසන්නේ එහි වැඩි වාසිය හිලරි ක්ලින්ටන්ට ලැබෙනු ඇති බවය.
මේ අතර වසර හතළිහකට වැඩි කාලයක් තිස්සේ රිපබ්ලිකන් පක්ෂයට ජයගැනීමට නොහැකිවූ ඩිමොක්ක්‍රටික් පක්ෂ බලකොටුවක් ලෙස සැලකෙන මිනසෝටා වෙතද යන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.