පැරා ඔලිම්පික් තරඟාවලියේ චීනය ඉදිරියෙන්

ඔලිම්පික්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකාවට ලබාගත හැකිවී ඇත්තේ රන්පදක්කම් 16 ක් පමණක් වන අතර හිමිවී ඇත්තේ සිව් වැනි ස්ථානයයි.

සැප්තැම්බර් හත්වෙනි දා (07) බ්‍රසීලයේ 'රියෝ ඩි ජනෙයිරෝ' නගරයේ දී ආරම්භ කෙරුණු 15 වැනි පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය වන සැප්තැම්බර් 13 වැනිදා වන විට රන් පදක්කම් 50 ක් සමග පදක්කම් 118 ක් ලබා ගනිමින් චීනය ඉදිරියෙන් සිටී.

රන් පදක්කම් 28 ක් ඇතුළුව පදක්කම් 63ක් ලබා ගනිමින් බ්‍රිතාන්‍යය දෙවන ස්ථානයේ සිටින අතර තෙවන ස්ථානයේ සිටින්නේ රන් පදක්කම් 22 සමග පදක්කම් 61 ක් ලබාගත් යුක්රේනයයි.

ඇමරිකාවට ලබාගත හැකිවී ඇත්තේ රන්පදක්කම් 16 ක් පමණක් වන අතර හිමිවී ඇත්තේ සිව් වැනි ස්ථානයයි. ඇමරිකාව ලබාගත් මුළු පදක්කම් සංඛ්‍යාව 46 කි.

බ්‍රසීලය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය පිළිවෙලින් 5, 6 සහ 7 වැනි ස්ථානයට පත්වී සිටිති. ජර්මනියට හිමිවී ඇත්තේ රන්පදක්කම් 5 ක් පමණක් වන අතර ලැබී ඇත්තේ 11 වැනි ස්ථානයයි.

ශ්‍රී ලාංකික මළල ක්‍රීඩකයන් නව දෙනකු මෙවර පැරා ඔලිම්පික් තරඟාවලියට සහභාගී වූ නමුත් ඔවුන් සහභාගී වූ ඉලක්කයට වෙඩි තැබීම, රෝද පුටු ටෙනිස්, ජවන සහ පිටිය තරඟ වලින් මෙන්ම මීටර් සීය, දෙසීය දුර පැනීම වැනි තරඟ වලින් හෝ පදක්කම් දිනා ගැනීමට ඔවුනට හැකිවී නැත.

2012 ලන්ඩන් පැරා ඔලිම්පික් තරඟාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.