ප්‍රංශ විරෝධතාවාදියෝ 'කැලේ' වටලති

Trucks with banners take part in the protest (05 September 2016)

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, කැලේ තොටුපළ නගරයට පිවිසෙන සියලුම මාර්ග අවහිර කරමින් ට්‍රක් රථ නැවත්වීමට විරෝධතාවාදීන් ක්‍රියා කළහ.

'ජන්ගල්' සංක්‍රමණික කඳවුර ඉවත් කරන ලෙස බල කරමින් කැලේ (Calais) තොටුපොළ නගරය අවහිර වන ලෙස ලොරි, ට්‍රැක්ටර් මාර්ග හරහා ගාල් කරමින් විරෝධතාවාදීන් විශාල උද්ඝෝෂණයක නිරත විය.

මාර්ග හරහා නවතා ඇති බර වාහන සහ පෝලිම් ගැසුණු විරෝධතා වාදීන් නිසා කැලේ තොටුපළ නගරයට පිවිසෙන සියලුම මාර්ග අවහිර වී ඇති අතර ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය අතර දිවෙන උමං මාර්ගයේ ප්‍රවාහන සේවා ද ඇණහිට තිබේ.

Aerial view of the Jungle - 16 August

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍යයට ඇතුළු වීමේ අදහසින් සංක්‍රමණය වූ අනාථයෝ හත්දහසකට අධික ප්‍රමාණයක් සිටින 'ජන්ගල්' සංක්‍රමණික කඳවුර

විරෝධතාවාදීන් රජයට බල කරන්නේ 'ජන්ගල්' සංක්‍රමණික කඳවුර වහාම කැලේ තොටුපොළ නගරයෙන් ඉවත් කරන ලෙසයි.

කැලේ නගරාධිපතිනිය නතාෂා බොර්ශාඩ් ද උද්ඝෝෂණයට සහභාගී වී සිටි අතර චෝදනා කළේ මෙම කඳවුර හේතුවෙන් නගරයේ ජනතාව පීඩාවට පත් වී සිටින අතර තොටුපොළේ කටයුතු වලට නිරන්තර බාධා එල්ල වන බවයි.

බ්‍රිතාන්‍යයට ඇතුළු වීමේ අදහසින් සංක්‍රමණය වූ අනාථයෝ හත්දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට සෞඛ්‍ය හෝ අත්‍යවශ්‍ය සේවා නොමැතිව ඉතා අපිරිසිදු තත්වයන් යටතේ ජන්ගල් කඳවුරේ රැඳී සිටිති.

මැද පෙරදිග, ඇෆ්ගනිස්තානය සහ අප්‍රිකාවෙන් සංක්‍රමණය වී සිටින මෙම අනාථයන් කෙසේ හෝ බ්‍රිතාන්‍යයට ඇතුළු වීමේ අදහසින් භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි වල සැඟවී පලා යාමට උත්සාහ කරන අතර කැලේ පුද්ගල ජාවාරම් කරුවන්ගේ තිප්පොළක් බවට පත් වෙමින් ඇති බවයි නගරාධිපතිනිය නතාෂා බොර්ශාඩ් පවසන්නේ.

French businesses owners and locals blockade the main road into the Port of Calais (05 September 2016)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Tractors blockade a road near Calais (05 September 2016)

ඡායාරූප මූලාශ්‍රය, PA

People wear tee-shirts reading "I love Calais" during a demonstration in Calais (05 September 2016)

ඡායාරූප මූලාශ්‍රය, AP

Truck drivers drive from Loon Plage to Calais (05 September 2016)

ඡායාරූප මූලාශ්‍රය, AFP