ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශ විරෝධතාවාදියෝ 'කැලේ' වටලති
'ජන්ගල්' සංක්‍රමණික කඳවුර ඉවත් කරන ලෙස බල කරමින් කැලේ (Calais) තොටුපොළ නගරය අවහිර වන ලෙස ලොරි, ට්‍රැක්ටර් මාර්ග හරහා ගාල් කරමින් විරෝධතාවාදීන් විශාල උද්ඝෝෂණයක නිරත විය.
මාර්ග හරහා නවතා ඇති බර වාහන සහ පෝලිම් ගැසුණු විරෝධතා වාදීන් නිසා කැලේ තොටුපළ නගරයට පිවිසෙන සියලුම මාර්ග අවහිර වී ඇති අතර ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය අතර දිවෙන උමං මාර්ගයේ ප්‍රවාහන සේවා ද ඇණහිට තිබේ.
විරෝධතාවාදීන් රජයට බල කරන්නේ 'ජන්ගල්' සංක්‍රමණික කඳවුර වහාම කැලේ තොටුපොළ නගරයෙන් ඉවත් කරන ලෙසයි.
කැලේ නගරාධිපතිනිය නතාෂා බොර්ශාඩ් ද උද්ඝෝෂණයට සහභාගී වී සිටි අතර චෝදනා කළේ මෙම කඳවුර හේතුවෙන් නගරයේ ජනතාව පීඩාවට පත් වී සිටින අතර තොටුපොළේ කටයුතු වලට නිරන්තර බාධා එල්ල වන බවයි.
බ්‍රිතාන්‍යයට ඇතුළු වීමේ අදහසින් සංක්‍රමණය වූ අනාථයෝ හත්දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට සෞඛ්‍ය හෝ අත්‍යවශ්‍ය සේවා නොමැතිව ඉතා අපිරිසිදු තත්වයන් යටතේ ජන්ගල් කඳවුරේ රැඳී සිටිති.
මැද පෙරදිග, ඇෆ්ගනිස්තානය සහ අප්‍රිකාවෙන් සංක්‍රමණය වී සිටින මෙම අනාථයන් කෙසේ හෝ බ්‍රිතාන්‍යයට ඇතුළු වීමේ අදහසින් භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි වල සැඟවී පලා යාමට උත්සාහ කරන අතර කැලේ පුද්ගල ජාවාරම් කරුවන්ගේ තිප්පොළක් බවට පත් වෙමින් ඇති බවයි නගරාධිපතිනිය නතාෂා බොර්ශාඩ් පවසන්නේ.