රාජ්‍ය නිලධාරීන් මත්කුඩු ජාවාරමේ - පිලිපීන ජනපති

ඡායාරූප මූලාශ්‍රය, EPA
රාජ්‍ය නිලධාරීන් එකසිය පනහක් පමණ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
මේ අතර නගරාධිපතිවරුන්, පොලිස් ප්‍රධානීන් සහ අධිකරණ විනිසුරුවරුන්ගේ නම් ද ඇතුළත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
රූපවාහිනිය ඔස්සේ පැවැත්වූ කතාවකදී පිළිවෙලින් සැකකරුවන්ගේ නම් සඳහන් කළ ජනාධිපතිවරයා ඔවුන් යටත්වියයුතු බවයි ප්‍රකාශ කළේ.
එහෙත් ඇතැම් නිලධාරීන් විසින් චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
එසේම ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නම් ලැයිස්තුව පිලිබඳ සැක පහළ වී ඇත්තේ එක නම් ලයිස්තුවේ සඳහන් එක් විනිසුරුවරයෙකු මීට වසර අටකට පෙර මිය ගිය අයෙකු බව වාර්තා වීම හේතුවෙන්.
ජනාධිපති දුටර්ටේ ජූනි මාසයේ ජනාධිපති පදවිය භාර ගත්තේ රටේ පවතින මත් ද්‍රවය උවදුර මැඩපවත්වන බව පවසමින්.





