පිලිපීන ජනාධිපතිවරණය: වෙඩි තැබීමකින් පුද්ගලයන් 7ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පිලිපීනයේ මැනිලා නුවර ආසන්නයේ දී රථ පෙළපාලියකට සැඟවී සිට කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් ඇත.
පිලිපීන ජනාධිපතිවරණයේ ඡන්දය දැමීමේ කටයුතු ඇරඹීමට පැය ගණනක් තිබියදී මේ ඝාතන සිදුවී ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ගේ ක්‍රියා හේතුවෙන් මැතිවරණ නිලධාරීන් ගේ අවධානයට ලක්ව තිබූ ප්‍රදේශයකයි.
කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේද යන්න පැහැදිලි නැත.
සෙනසුරාදා නගරාධිපති පදවිය වෙනුවෙන් තරඟ වැදුණු අපේක්ෂකයෙකුද දකුණු පිලිපීනයේ දී ඝාතනය කෙරිණි .

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මේ අතර මිලියන ගණනක් වූ පිලිපීන ජනතාව ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
පිලිපීන දේශපාලනයේ ප්‍රභලයන් අසතුටට පත්කරමින් අධිකාරීවාදී ප්‍රාදේශීය සභා නායකයෙකු ජනාධිපති පදවිය ලබාගැනීමේ සටනට එක්වී සිටියි.
කෙසේවුවද ජනාධිපති ධූරය සඳහා අපේක්ෂකයන් පස් දෙනෙකු තරඟ කරන නමුත් රොඩ්රිගෝ ඉදරියෙන් සිටින බවයි වාර්තා වන්නේ .
තම දේශපාලන ප්‍රචාරක ක්‍රියාවලියේ දී ජනාධිපති අපේක්ෂක රොඩ්රිගෝ දුටාර්ටේ අදහස් පළකර තිබුණේ තමාගේ ජයග්‍රහණයෙන් පසු දහස් ගණනක් අපරාධකරුවන් මරා දමන බවටත් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉවත්කරන බවටත් තර්ජනය කරමින්.
මේ ප්‍රකාශය පිළිබඳව දේශපාලන විචාරකයන් අනතුරු අඟවා ඇත්තේ වසර තිහකට අධික කාලයක් පිලිපීනයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අවසන් වීමේ පෙර ලකුණු පෙන්වන බව සඳහන් කරමින්.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙම ජනාධිපතිවරණයේ දී ජනතාවගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ ආර්ථිකය, සහ අසමානතාවය සහ දුෂණ පිළිබඳවයි .
පිලිපීන ව්‍යවස්ථාව අනුව ජනාධිපති පදවිය හෙබවිය හැක්කේ වසර හයක කාලයක් සඳහා එක වරක් පමණක් බැවින් ජනාධිපති බෙනිනෝ අකිනෝ ජනාධිපති පදවියෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ .
මෙම මැතිවරණයේ දී ජනාධිපති, උප ජනාධිපති සහ ප්‍රාදේශීය සභා නායකයන් තෝරාගැනීම සඳහා පිලිපීන ජනතාවට අවස්තාව ලැබී තිබේ .








