කඳුකර සිංහයා පැරද වූ මව් සෙනෙහස

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සිය පස් හැවිරිදි පුතු ගොදුරු කරගැනීමට තැත් කළ කඳුකර සිංහයකු සමග සටන් කොට පුතුගේ දිවි බේරා ගත් මවක් පිළිබඳව ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් වාර්තා වේ.
ගේ මිදුලේ සිටි දරුවාගේ කෑ ගැසීම කණ වැකුණු මව එහි දිව යන විට කඳුකර සිංහයා දරුවා මත සිටිනු දැක ඇති බවයි පිට්කින් ප්‍රදේශය භාර ෂෙරිෆ්වරයා පවසන්නේ.
කඳුකර සිංහයාගේ මුඛය තුලට අත දමා හනු දෙපසට ඇද සිය පුතුගේ හිස සිංහයාගේ ග්‍රහණයෙන් මුදා ගත් බව මව බලධාරීන්ට පැවසුවාය.
දරුවාගේ මුහුණ, හිස, සහ ගෙල ප්‍රදේශයට තුවාල සිදු වී ඇති අතර දරුවාගේ තත්වය අසාධ්‍ය නොවන බවයි රෝහල් බලධාරීන් කියා සිටියේ.
මවගේ ශරීරයේ හැපුම් තුවාල සහ සීරීම් දක්නට තිබූ බවත් වයස අවුරුදු දෙකක් පමණ වන බවට විශ්වාස කෙරෙන කඳුකර සිංහයා පැන ගොස් ඇති බවත් බලධාරීහු පවසති.
ඉන් අනතුරුව කඳුකර සිංහයන් දෙදෙනකු මරා දැමූ බවත් ඔවුහු පවසති.
කොලරාඩෝ ප්‍රාන්තය තුළ කඳුකර සිංහයන් 4500 දෙනකු පමණ ජීවත් වන බව වාර්තාවල සඳහන් වේ.





