ඕර්ලන්දෝ කිඹුල් ප්‍රහාරය: දරුවාගේ සිරුර හමුවෙයි

ඡායාරූප මූලාශ්‍රය, Orange County Sheriff's Office/PA
ෆ්ලොරිඩා 'ඩිස්නිලන්තය'ට නුදුරින් නිවාඩු නිකේතන භූමියක සිටියදී කිඹුලෙකු රැගෙන ගිය දෙහැවිරිදි දරුවාගේ සිරුර හමුවී ඇති බව පොලීසිය පවසයි.
කිමිදුම් කරුවන් විසින් සොයාගනු ලැබූ හානි සිදුවී නොතිබුණු සිරුර අඟහරුවාදා සිය දෙමව්පියන් ඉදිරිපිටදීම කිඹුලකු රැගෙන ගිය දරුවාගේ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඔරේන්ජ් පළාතේ පාලක ජෙරී ඩේමින්ග්ස් පැවසුවේ මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවූ නෙබ්‍රස්කා හි දරුවාගේ නම ලේන් ග්රේව්ස් බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
මෙම සිදුවීමෙන් පසු දරුවාගේ ශරීරය සෙවීමේ යෙදුණු පිරිස් විසින් තවත් කිඹුලන් පස් දෙනෙකු අල්ලා මරා දමා තිබුණි.
හමුවූ සිරුර නිල වශයෙන් ලේන් ගේ බව සනාථ කර නැති නමුත් එය ඔහුගේ බවට සැකයක් නැති බවයි පොලීසිය පවසන්නේ.
කෘතිමව නිර්මාණය කරන ලද මෙම කලපුවේ 'පිහිනීම තහනම්' යනුවෙන් සඥා පුවරුවක් සවිකර තිබෙන නමුත් දරුවා ජලය ආරම්භ වන ප්‍රදේශයේ සෙල්ලම් කරමි සිටි බවයි පැවසෙන්නේ.
දරුවා බේරා ගැනීමට තැත්කළ පියාට ද සුළු තුවාල සිදුවී තිබේ.
කෙසේවුවද මෙම කලපුවේ කිඹුලන් සිටින බවට කිසිදු සඥා පුවරුවක සටහන් වී නැති බවයි වාර්තා වන්නේ.









