ගුජරාට් සමූහ ඝාතනයට 24 ක් වැරදිකරුවෝ වෙති

ඡායාරූප මූලාශ්‍රය, Arko Datta
නිදහස ලැබූ දා පටන් සිදුකළ දරුණුතම සාපරාධී ක්‍රියාවන්ගෙන් එකක් මගින් මුස්ලිම් ජනයා සමූහ ඝාතනයට ලක් කිරීමේ චෝදනාවට පුද්ගලයන් 24 දෙනෙකු වැරදිකරුවන් කරමින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රන්තයේ අධිකරණයක් තීන්දුවක් දී තිබේ.
මේ අතරින් එකොලොස් දෙනෙකු මිනීමැරුම් වලට වරදකරුවන් වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර චෝදනා ලැබ සිටි තිස් හය දෙනෙකු නිදොස් කොට නිදහස් කර යවා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
2002 වසරේ දී අහමබදාබාද් නගරයේ නිවාස සංකීර්ණයක පදිංචි වී සිටි මුස්ලිම් වැසියන් 69 දෙනෙකු කපා කොටා ඝාතනය කොට පසුව ඔවුන්ගේ සිරුරු පුළුස්සා දමා තිබුණි.
එම කාලයේ දී ගුජරාට් ප්‍රාන්තය පාලනය කළේ වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝඩි විසින්.
මෙම සමූහ ඝාතනය නොසලකා හැර සිටි බවට ඔහුට එල්ලවන චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අගමැති මෝඩි විවේචනය කරන්නවුන් පවසන්නේ ඔහු ඉන්දියාවේ සියලු ජනතාව නියෝජනය කිරීමට නුසුදුස්සෙකු බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු ඇතිවූ දරුණුතම කලහකාරී සිදුවීම් වාර්තාවූ මෙම හින්දු මුස්ලිම් ගැටුම් වල දී මුස්ලිම් වැසියන් 1000 ක්පමණ මියගිය අතර හින්දු වන්දනාකරුවන් 60 දෙනෙකු සමග දුම්රියක් ගිණි තබා විනාශ කෙරිණි.
දුම්රිය ගිනි තබමින් මෙම කලහය ඇතිකිරීම පිළිබඳව මුස්ලිම් පිරිස් චෝදනා ලැබූ අතර පලිගැනීමක් වශයෙන් මුස්ලිම් ජනයා පදිංචි නගර සහ ගම් පිටින් විනාශ කරමින් කලකෝලාහල පැතිර ගියේය.








