එවරස්ට් අභියෝගය: දින කීපයක් තුළ මරණ දෙකක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එවරස්ට් කන්ද තරණය කිරීමට උත්සාහ කළ ඕස්ට්‍රේලියානු ජාතික කඳු නගින ක්‍රීඩිකාවක් මරුමුවට පත් වී තිබේ.
ලොව උසම කන්ද වන එවරස්ට් තරණය කිරීමට ගොස් දින කීපයක් තුළ වාර්තා වූ දෙවන මරණය මෙයයි.
රෝගාතුර වූ මරියා ස්ට්‍රයිඩොම් කඳු මුදුනේ සිට ආපසු බසිමින් සිටියදී සෙනසුරාදා මරණයට පත් වී තිබේ.
එවරස්ට් අභියෝගය ජය ගැනීමට උත්සාහ ගත් නෙදර්ලන්ත ජාතික කඳු නගින්නෙකු වන එරික් ඇරී ආනොල්ඩ් මීට දින කීපයකට ඉහතදී මරුමුවට පත් විය.
තවත් ඉන්දීය ජාතික කඳු නගින්නන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බවත් වාර්තා වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය වසරේ නේපාලයේ හට ගත් දරුණු භූමිකම්පාවෙන් එවරස්ට් තරණයේ යෙදී සිටි දහඅට දෙනකු මරුමුවට පත් විය.
ඉන් අනතුරුව ආරම්භ වූ පළමු කඳු නැගීමේ වාරය මෙයයි.
මේ දක්වා එවරස්ට් කන්ද සාර්ථක ලෙස තරණය කොට ඇති පිරිස තුන්දහසකට ආසන්නයි.








