නේපාල භූමිකම්පාව: 'දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවමත් පැල්පත්වල'

නේපාල භූමිකම්පාව සිදු වී වසරක් ගත වී ඇතත් උන් හිටි තැන් අහිමි දස ලක්ෂ සංඛ්‍යාත පිරිස් තවමත් තාවකාලික පැල්පත් තුළ දිවි ගෙවන බව ආධාර සංවිධාන පවසයි.
පසුගිය වසරේ නේපාලයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවට හසු වී මරුමුවට පත් සංඛ්‍යාව නව දහසකට ආසන්නයි.
යළි ගොඩ නැගීමේ ව්‍යාපෘති සඳහා පරිත්‍යාගශීලීන්ට සෘජු ලෙස මුදල් වැය කළ නොහැකි අතර ආණ්ඩුවේ නිලධාරිවාදය හේතුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතු අඩපණ වී ඇති බවයි රතුකුරුස සංවිධානයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images
දරුණු ව්‍යසනයෙන් අනතුරුව නේපාලය වෙත ඩොලර් කොටි හාරසීයකට අධික ආධාර ගලා ආවත් එම මුදල් වැය කොට නොමැති බවයි ආධාර සංවිධාන පෙන්වා දෙන්නේ.
නේපාලයේ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කියා සිටියේ ආණ්ඩුවේ සම්බන්ධීකරණයකින් තොරව සිදු කෙරෙන සහන ව්‍යාපෘති හරහා විනාශකාරී ප්‍රතිඵල ලැබිය හැකි බවයි.




