බ්‍රසල්ස්: ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් 'වාර්තා වී නෑ'

ඡායාරූප මූලාශ්‍රය, AFP
බ්‍රසල්ස් නගරයේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයකුට අනතුරක් සිදු වූ බවක් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා තානාපති <link type="page"><caption> රොඩ්නි පෙරේරා</caption><url href="https://audioboom.com/boos/4335992" platform="highweb"/></link> බීබීසී සංදේශයට පැවසීය.
බෙල්ජියමේ වාසය කරන්නේ ශ්‍රී ලාංකිකයන් ඉතාමත් සුළු පිරිසක් බව පෙන්වා දෙන තානාපතිවරයා, ඒ අතරින් බ්‍රසල්ස් නගරයේ වාසය කරන්නේ දෙතුන් සියයක පිරිසක් පමණක් බවත් සඳහන් කළේය.
ඒ කිසිවෙකුත් ප්‍රහාර එල්ල වූ ස්ථානවල හෝ ආසන්නයේ රැඳී සිටි බවට තොරතුරු නොමැති බවත් තානාපතිවරයා පැවසීය.
- <link type="page"><caption> බ්‍රසල්ස් ප්‍රහාරය ගැන විශේෂ සංදේශය වැඩසටහන</caption><url href="https://audioboom.com/boos/4335992" platform="highweb"/></link>
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ තමන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිටි බව පැවසූ තානාපතිවරයා, තමන් ඇතුළු කාර්යමණ්ඩලයට කිසිදු උපද්‍රවයක් සිදු නොවූ නමුත් සිදු වූ දේ ඉතා ඉක්මනින්ම වාර්තා වූ බැවින් ඉන් අනතුරුව සියලු දෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගත් බවත් සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty
ප්‍රහාරයත් සමඟම දුරකථන සම්බන්ධතා සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටුණු බැවින් සන්නිවේදන කටයුතු සඳහා සමාජ මාධ්‍ය ජාල වෙත යොමුවීමට බොහෝ දෙනාට සිදුවිය.
"ජංගම දුරකතනවල අපිට කෙටි පණිවිඩ විතරයි යවන්න පුළුවන් වුනේ. නමුත් අපේ අනෙක් දුරකතන නම් ක්‍රියාත්මක වුනා. නමුත් ඊමේල් සහ අන්තර්ජාල ඇප් මාර්ගයෙන් අපිට පුළුවන් වුනා ගොඩක් අය සම්බන්ධ කරගන්න," ඔහු පැවසීය.
අගනුවර සියලු වැඩකටයුතු අඩාල වී ඇති බවත්, බලධාරීන්ගේ උපදෙස් පරිදි ජනතාව නිවාස තුලට වී සිටින අතර නගරයේ සෝදිසි මෙහෙයුම් දියත්ව තිබෙන බවත් තානාපති රොඩ්නි පෙරේරා වැඩිදුරටත් පැවසීය.




