පාතාලය මර්දනයට නීත්‍යනුකූලව පියවර ගන්න - ජනපති

'අපරාධකරුවන්ට සමාජයේ යහපැවැත්ම සඳහා අවහිර කරන්න අපි රජයක් වශයෙන් ඉඩ තබන්නේ නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 'අපරාධකරුවන්ට සමාජයේ යහපැවැත්ම සඳහා අවහිර කරන්න අපි රජයක් වශයෙන් ඉඩ තබන්නේ නැහැ'

පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය මර්දනය කරනු වස් නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගනිමින් ඒකාබද්ධව කටයුතු කරන ලෙස තමා පොලිසියට සහ හමුදාවට දැනුම් දී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඒ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති වාර්ෂික දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවය අමතමින්.

''අපරාධකරුවන්ට සමාජයේ යහපැවැත්ම සඳහා අවහිර කරන්න අපි රජයක් වශයෙන් ඉඩ තබන්නේ නැහැ කියන ඒක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනි'' ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුව සෙනසුරාදා නිවේදනය කළේ සීග්‍රයෙන් හිස ඔසවමින් පවතින සහ රට පුරා ප්‍රචණ්ඩත්වය පතුරවා හරිමින් සිටින පාතාල කණ්ඩායම් මුලිනුපුටා දැමීමේ අරමුණින් <link type="page"><caption> විශේෂ මෙහෙයුමක්</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2016/03/160305_smbp_lanka_underworld_dullas_police" platform="highweb"/></link> ක්‍රියාත්මක කොට ඇති බවයි.

පසුගිය දින කිහිපය තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වෙඩි තැබීමේ සිද්ධීන් සහ පුද්ගල ඝාතන වාර්තා වූ අතර එම සිද්ධිවලට පාතාල සාමාජිකයින්ගේ සම්බන්ධයක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

දිගු කලක් අක්‍රියව පැවැති පාතාලය යළි ක්‍රියාත්මක වී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.