ෆොන්සේකා මත්රීධුරය හියුමන් රයිට්ස් වොච් විවේචනයට

ඡායාරූප මූලාශ්‍රය, Getty

මානව හිමිකම් සංවිධානයක් වන, හියුමන් රයිට්ස් වොච්(Human Rights Watch) සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කළ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීම විවේචනයට ලක් කරයි.

දෙදහස් නවය වසරේදී දෙමළ කෝටි කැරලිකරුවන්ට එරෙහිව සටන් මෙහෙයවා යුද ජයග්‍රහණය අත් කර ගැනීමට නායකත්වය දුන් ඔහුගේ යුද හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලවී ඇති බවට ඉඟි කොට ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty

සාමාන්‍ය වැසියන්ට සහ රෝහල්වලට නීති විරෝධී ලෙස ෂෙල් ප්‍රහාර එල්ල කිරීම , ස්ත්‍රී දූෂණ සහ සිරකරුවන් නඩු විභාගයකින් තොරව ඝාතනයට ලක් කිරීම එම චෝදනා අතර වෙයි.

රජය, මානව හිමිකම් කඩ කළ බවට සැක කෙරෙන යුද හමුදා නායකයන් ආරක්ෂා කිරීමට උත්සාහයක් ගන්නේද යන්න ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් සිය අවධානය යොමු කොට තිබේ.

ඉඩම් ඇමැතිව සිටි එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන ගේ අභාවයෙන් පසු පුරප්පාඩුවූ මන්ත්‍රී ධූරයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කරන ලදී.