යෝෂිත රිමාන්ඩ් බන්ධනාගාරයට

පසුගිය පාලන සමයේ ආරම්භ කරනු ලැබූ සිඑස්එන් රූපවාහිනි නාලිකාවේ කටයුතු සඳහා පොදු දේපළ යොදාගැනීම ඇතුළු මුදල් විශුද්ධි කරණ පනත යටතේ සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් පසුව ඉහත කී සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය පාලන සමයේ ආරම්භ කරනු ලැබූ සිඑස්එන් රූපවාහිනි නාලිකාවේ කටයුතු සඳහා පොදු දේපළ යොදාගැනීම ඇතුළු මුදල් විශුද්ධි කරණ පනත යටතේ සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් පසුව ඉහත කී සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසීය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ තවත් සිව් දෙනකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ, සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධානී නිශාන්ත රණතුංග, හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට, කවිෂාන් දිසානායක සහ රබිනාත් ප්‍රනාන්දු යන සැකකරුවන් දින දාහතරක් රිමාන්ඩ් භාරයේ තැබීමටයි අධිකරණය නියෝග කළේ.

පසුගිය පාලන සමයේ ආරම්භ කරනු ලැබූ සිඑස්එන් රූපවාහිනි නාලිකාවේ කටයුතු සඳහා පොදු දේපළ යොදාගැනීම ඇතුළු මුදල් විශුද්ධි කරණ පනත යටතේ සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් පසුව ඉහත කී සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසීය.

නාවික හමුදා මූලස්ථානයට කැඳවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදු කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව යෝශිත රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබූ බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය භූමිය වෙත පැමිණ සිටියහ.