ජනපති පදවි ප්‍රාප්තියට වසරයි

පදවි ප්‍රාප්තියෙන් වසරක් ගතවෙද්දී ජනපතිවරයාට බොහෝ ප්‍රශංසා පළ වන අතර, පොරොන්දු ඉටු නොකළ බවට විවේචනද එල්ල වේ
ඡායාරූප ශීර්ෂ වැකිය, පදවි ප්‍රාප්තියෙන් වසරක් ගතවෙද්දී ජනපතිවරයාට බොහෝ ප්‍රශංසා පළ වන අතර, පොරොන්දු ඉටු නොකළ බවට විවේචනද එල්ල වේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක පදවියට පත්ව වසරක් ඉකුත්වීම නිමිත්තෙන් උත්සව සහ ජාතික වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු යොදා තිබේ.

ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියෙන් වසරක් පිරීම නිමිතිකොට 'මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්' මැයෙන් සිකුරාදා සහ සෙනසුරාදා උත්සව ගණනාවක් පැවැත්වෙන බව <link type="page"><caption> රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව</caption><url href="http://sinhala.news.lk/" platform="highweb"/></link> නිවේදනය කරයි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වසරක කාලය ඇතුලත ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඇනහිටි බව සහ විදේශ බලවේගවලට නතු වූ බව පවසමින් විරුද්ධ පක්ෂ විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්ට ප්‍රශංසා
ඡායාරූප ශීර්ෂ වැකිය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්ට ප්‍රශංසා

'මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්' වර්ෂ පූර්ණ ජාතික උත්සවය සිකුරාදා සවස කොළඹ බණ්ඩාරනායක, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේද සහභාගිත්වයෙන්.

අනපේක්ෂිත පොදු අපේක්‍ෂකයා

ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සහ ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයකු වන ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි උත්සවයේ ආරාධිත දේශකයායි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුබිනේ නන්දි විසින් එම උත්සවයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ පණිවුඩය සභාවට ඉදිරිපත් කළේය.

ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ජනපතිවරණයට බලපෑම් කළ බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ජනපතිවරණයට බලපෑම් කළ බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි

එවකට මහින්ද රාජපක්ෂ පාලනයේ සෞඛ්‍ය ඇමතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන, ජනපතිවරණයේ <link type="page"><caption> විරුද්ධ පක්ෂ පොදු අපේක්‍ෂකයා</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2014/11/141130_maithripala_polonnaruwa" platform="highweb"/></link> වශයෙන් ඉදිරිපත් වූයේ බොහෝ දෙනා මවිතයට පත්කරමින්.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු බොහෝ විරුද්ධ පක්ෂ මෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ ඇතැම් කොටස්ද පොදු අපේක්ෂකයාට සහාය දීමට ඉදිරිපත් වූ අතර, පසුගිය වසරේ ජනවාරි 08 වැනි දින පැවැත්වුණු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරමින් රාජ්‍ය නායකයා බවට පත්වීමට ඔහු සමත්විය.

'විදේශීය බලපෑම්'

මැතිවරණ දිනයේ භීෂණයක් මතුවනු ඇතැයි පළ වූ අවධානය හමුවේ සිය පවුලේ සාමාජිකයන්ද සමඟ කුරුණෑගල මිතුරෙකුගේ නිවසේ එදින රාත්‍රිය ගත කළ බවයි, ජනාධිපතිවරයා පසුව බීබීසී සංදේශය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී සඳහන් කළේ.

කෙසේ නමුත් මැතිවරණය දිනයේ කිසිදු බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ අතර, සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුළු නිලධාරීන්ට මෙන්ම පොලිසියටද දෙස් විදෙස් ප්‍රණාමය හිමිවිය.

ජීවිතාරක්ෂාව පිණිස මිතුරෙකුගේ නිවසේ මැතිවරණ දින රාත්‍රිය පහන් කළ බව ජනාධිපතිවරයා සංදේශයට පැවසීය

ඡායාරූප මූලාශ්‍රය,

ඡායාරූප ශීර්ෂ වැකිය, ජීවිතාරක්ෂාව පිණිස මිතුරෙකුගේ නිවසේ මැතිවරණ දින රාත්‍රිය පහන් කළ බව ජනාධිපතිවරයා සංදේශයට පැවසීය

ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් පරාජය පිළිගෙන ඉවත්ව යාම පිළිබඳව <link type="page"><caption> ඇමෙරිකානු රාජ්‍ය ලේකම්</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/01/150109_lanka_china_my3" platform="highweb"/></link> ජෝන් කෙරී මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ප්‍රශංසා කර තිබුණි.

එහෙත් ඉන්දියාව සහ ඇමෙරිකාව මැතිවරණයට බලපෑම් කළ බවයි, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර පරාජය වුවත්, කුමන්ත්‍රණකාරී ලෙසින් බලයේ රැදී සිටීමේ උත්සාහයක් දියත් වූ බව සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද මීට ඉහතදී සංදේශයට පැවසූහ.

අදාළ කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධ මූලික විමර්ශන අවසානයේ නීතිපති නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මෑතදී සඳහන් කොට තිබුණේ.