මෝටර් රථ මගී සීමාව: 'හවුල් ප්‍රවාහනයේ' ඇතුල් පැත්ත

‘කාර් ඒක පදවන කෙනා විතරක් එන පෞද්ගලික වාහන ගොඩක් තියනවා. රථවාහන තදබදය පමණක් නොවෙයි ඒකෙන් ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා.ඉන්ධන අපතේ යෑම සහ පරිසර දූෂණයට අදාළ කරුණු.නමුත් ඕක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක මට නම් ගැටළුවක්’

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ‘කාර් ඒක පදවන කෙනා විතරක් එන පෞද්ගලික වාහන ගොඩක් තියනවා. රථවාහන තදබදය පමණක් නොවෙයි ඒකෙන් ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා.ඉන්ධන අපතේ යෑම සහ පරිසර දූෂණයට අදාළ කරුණු.නමුත් ඕක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක මට නම් ගැටළුවක්’

කොළඹ නගර සීමාවට ඇතුළු වන මෝටර් රථයක් තුළ අවම වශයෙන් මගීන් තිදෙනකුවත් සිටිය යුතු බවට මෙවර අයවැයේ දී ඉදිරිපත් වූ යෝජනාව ‘යෝජනාවක් වශයෙන් යහපත්' බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හේ ශ්‍රියානන්ද පවසයි.

කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය සහ මගී ප්‍රවාහන ගැට‍ළුවලට විසඳුමක් වශයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ඉහත කී යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ 2016 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුව හමුවේ සභාගත කරමින්.

නමුත් ප්‍රායෝගික වශයෙන් මෙම යෝජනාව ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් තමාට ඇත්තේ ප්‍රශ්නාර්ථයක් බවයි මහාචාර්යවරයා කියා සිටියේ.

‘කාර් ඒක පදවන කෙනා විතරක් එන පෞද්ගලික වාහන ගොඩක් තියනවා. රථවාහන තදබදය පමණක් නොවෙයි ඒකෙන් ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා.ඉන්ධන අපතේ යෑම සහ පරිසර දූෂණයට අදාළ කරුණු.නමුත් ඕක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක මට නම් ගැටළුවක්’ මහාචාර්ය හේ ශ්‍රියානන්ද සඳහන් කළේය.

යෝජනා

'බස්වලට පැය බාගේ ගමනට පැය එක හමාරක් යනවා. පළල් මාර්ගවල හෝ ප්‍රධාන මාර්ගවල බස් සඳහා වෙනම මං තීරුවක් තියෙනවා නම් ඒවාට අලුතෙන් වියදම් ඕනි නැහැනේ'

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 'බස්වලට පැය බාගේ ගමනට පැය එක හමාරක් යනවා. පළල් මාර්ගවල හෝ ප්‍රධාන මාර්ගවල බස් සඳහා වෙනම මං තීරුවක් තියෙනවා නම් ඒවාට අලුතෙන් වියදම් ඕනි නැහැනේ'

ඉහත කී ආකාරයේ නිර්දේශ ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන බව පවසන මහාචාර්යවරයා ‘මිනිස්සු දැන් එකිනෙකා විශ්වාස කරන්නේ නැහැ.අඳුරන්නේ නැති කෙනෙක් නග්ග ගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙනවා.ආරම්භයේදී තුන්හතර දෙනෙක් නෙමෙයි එක් අයකු සඳහා වත් නිර්දේශ කළානම් හොදයි’ යනුවෙන් කියා සිටියේය.

වාහන තදබදය අවම කොට මගී ප්‍රවාහන ගැට‍ළු සඳහා විසඳුම් ලබා දෙනු වස් පළමුව කළ යුත්තේ පොදු මගී ප්‍රවාහන සේවය දියුණු කළ යුතු බවයි මහාචාර්ය හේ ශ්‍රියානන්ද අවධාරණය කරන්නේ.

උදාහරණයක් වශයෙන් පොදු මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇති බස් රථ සඳහා ඊටම වෙන්වූ මං තීරුවක් ලබා දීමෙන් වාහන තදබදය මෙන්ම පොදු ජනයාගේ කාලයත් ඉතිරි කර ගත හැකි බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

‘බස්වලට පැය බාගේ ගමනට පැය එක හමාරක් යනවා. පළල් මාර්ගවල හෝ ප්‍රධාන මාර්ගවල බස් සඳහා වෙනම මං තීරුවක් තියෙනවා නම් ඒවාට අලුතෙන් වියදම් ඕනි නැහැනේ. දැනට මං තීරු තුනක් තියන මාර්ගවලින් ඒක මං තීරුවක් බස්වලට වෙන් කලොත් මගීන්ට ඉක්මනට යන්න පුළුවන්.එය්හකොට කාර්වල එන අයත් සමහර විට බස් එකේ යන්න බොහෝ විය ඉඩ තියනවා’ මහාචාර්ය හේ ශ්‍රියානන්ද වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වුවද,මෙවැනි යෝජනා ක්‍රියාවට නැංවීමේදී එම අංශ වලට සම්බන්ධ බලවේග වලින් බාධා එල්ල වෙන බව සඳහන් කරමින් මහාචාර්ය ශ්‍රියානන්ද ඊට නිදසුනක් වශයෙන් 'මත්ද්‍රවය පූර්ණ තහනමකට ගියොත් ආණ්ඩුව පෙරලීමට පවා ඉඩකඩ ඇති බවට' ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශය සිහිපත් කළේය.