දේශපාලන සිරකරුවන්ට පොදු සමාව වෙනුවට ඇප

ඡායාරූප මූලාශ්‍රය, Getty
දේශපාලන සිරකරුවන් නීතිප්‍රකාරව ඇප මත නිදහස් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.
ඔවුන්ට පොදු සමාවක් ලබා නොදීමට රජය තීරණය කර ඇති බවයි ඔහු පවසන්නේ.
රජය මෙම තීරණයට පැමිණ ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකින් අනතුරුවයි.

ඡායාරූප මූලාශ්‍රය, mano ganesan
දෙමළ දේශපාලන සිරකරුවෝ 223 දෙනෙක් තමාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය දා උපවාසයක නිරත වුහ.
දෙමළ ජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ ප්‍රකාර දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනා වහාම නිදහස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය ද රජයට අවධාරණය කර තිබුණි.
නමුත් රජය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ කිසිදු බන්ධනාගාරයක දේශපාලන සිරකරුවන් නොමැති බවයි.
උපවාසයේ යෙදුණු දෙමළ සිරකරුවන් ත්‍රස්තවාදී සැකකරුවන් බවත් ඔවුන්ගේ නායකයන්ට නිදහස ලබා දී තිබිය දී ඔවුන් ගැන ක්‍රියාමාර්ගයක් නොගැනීම ඔවුන්ට සිදුවූ අසාධාරණයක් ලෙස තමන් පිළිගන්නා බවත් පසුගියදා රජය කියා සිටියේය.




