දිගාමඩුල්ලේ වී ගොවි දුක

ඡායාරූප මූලාශ්‍රය, bb
ශ්‍රී ලංකාවේ වී ගොවිතැන අතින් මුල් තැන හිමි කර ගනු ලබන දිගාමඩුල්ලේ ජනතාව මේ කන්නයේ වී විකුණා ගැනීමට නොහැකි තත්වයකට පත්ව සිටින බව අම්පාර බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල පවසයි.
වී මිලදී ගැනීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් නොමැති කමින් ගොවි ජනතාව බලවත් අසීරු තත්ත්වයකට වැටී සිටින බව තමා සිදු කළ සංචාරයේ දී එම ගොවි ජනතාව පෙන්වා දුන් බවයි අපේ ප්‍රාදේශීය වාර්තාකරු පවසන්නේ.
‘ගොයම් කපල දැන් දවස් දහයකටත් වැඩියි.අපේ ගොයම් කැපීමට යොදා ගත් ට්‍රැක්ටර් සහ මැෂින් කාරයන් කුලිය ඉල්ලනව.දරු පැටව පවා තියාගෙන අපි දවස් දාසයක්ම වී රැක්කා.ඒත් තාම අපට නිදහසක් නැහැ.මේ වී කිලෝ දෙදාහවත් ගන්න තවම වැඩ පිළිවෙළක් නැහැ’ දිගාමඩුල්ලේ ගොවිලියක් බීබීසියට ප්‍රකාශ කළාය.
තවත් ගොවියෙක් කියා සිටියේ වී අලෙවි මණ්ඩලය විසින් මිළ දී ගනු ලබන වී ප්‍රමාණය කිලෝ පන්දහසේ සිට කිලෝ දෙදාස් පන්සීයට අඩු කරනු ලැබ ඇතත් එම ප්‍රමාණය වත් මිළට නොගත් බවයි.එම ප්‍රමාණය මැෂින් කුලිය ගෙවීමට ප්‍රමාණවත් නොවන බව කියා සිටි එම ගොවියා සහනයක් ඉල්ලා සිටින බවයි සඳහන් කළේ.
කමත නොදන්නා පාලකයන්

ඡායාරූප මූලාශ්‍රය, bb
වත්මන් රජය වී කිලෝවක් රුපියල් හතළිස් පහකට පනහකට මිළ දී ගන්න බවට පොරොන්දු වෙමින් දේශපාලන බලය දිනා ගත්තත් ඔවුන් තමන් රවරන ලද බවට ඇතැම් ගොවීහු චෝදනා කළහ.
තමන් එවැනි මිලක් ඉල්ලා නොසිටි අතර සම්මත මිළ වූ රුපියල් තිස් පහ ගෙවා වී මිලට ගත්තේ නම් මේ දුෂ්කරතාව පැන නොනගින බවයි ගවීන් පවසන්නේ.
දිගාමඩුල්ල මන්ත්‍රී විමලවීර දිසානායක සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය දිගාමඩුල්ලේ පමණක් නොව සමස්ත රටේම ගොවි ජනයා මුහුණ දී සිටින තත්වයක් වන බවයි.
‘නියරක ඇවිදපු නැති උදැල්ල නොහඳුනන කමත් ගැන නොදන්නා පාලකයන්ගෙන් ගොවි ජන ප්‍රශ්න විසඳෙන්නේ නැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
වී අලෙවි මණ්ඩලය
මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාර ආර්.ඇම්.රත්නායක පවසන්නේ ‘කවුරු කෙසේ කීවත් වී අලෙවි මණ්ඩලය දිස්ත්‍රික්කයේ වී මිල දී ගෙන ඇති’ බවයි.

ඡායාරූප මූලාශ්‍රය, bb
‘මෙය වැඩිම මුදලක් වියදම් කර වදිමවී ප්‍රමාණයක් මිලට ගත් කන්නයයි’ අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු පවසයි.
මේ වන විට වී ටොන් තිස් දහසක් මිලට ගෙන ඇති බවයි ඔහු පවසන්නේ.
මේ අතර වසන්ත චන්ද්‍රපාල පවසන්නේ නාමල්ඔය ජනතාවට තවමත් වී විකුණා ගැනීමට නොහැකි වී ඇති බවයි.








