'ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ වෙනසක්'

ඕමල්පේ සෝභිත හිමි ඡන්දය ප්‍රකාශ කර ආපසු වඩිති
ඡායාරූප ශීර්ෂ වැකිය, ඕමල්පේ සෝභිත හිමි ඡන්දය ප්‍රකාශ කර ආපසු වඩිති

ඉතිහාසයේ දක්නට ලැබුණු සාමකාමී ම මැතිවරණය මෙය බව පැෆරල් මැතිවරණ නිරීක්ෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

සුළු සිද්ධීන් වාර්තා වී ඇති නමුත් මැතිවරණ ප්‍රතිඵලයට බලපාන කිසිදු බරපතළ සිද්ධියක් මෙතෙක් වාර්තා වී නැති බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ද විශාල වෙනසක් මෙවර මැතිවරණ සමය තුළ දක්නට ලැබුණ බව ඔහු තවදුරටත් කියා සිටියේය.

හම්බන්තොට
ඡායාරූප ශීර්ෂ වැකිය, හම්බන්තොට

තම ජීවිත කාලය තුළ දුටු සාමකාමී ම මැතිවරණය මෙම මැතිවරණය බව ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ ද පැවසූ බවයි අජිත්ලාල් ශාන්තඋදය රත්නපුරයේ සිට වාර්තා කරන්නේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශයන් තුළ අද පෙරවරුවේ වැසි බරිත කාලගුණ තත්වයක් දක්නට ලැබුනත් ඡන්ද ප්‍රකාශ කිරීමට උදෑසන සිටම ජනතාව උනන්දුවක් දැක් වූ බව රාහුල් සමන්ත හෙට්ටිආරච්චි වාර්තා කළේය.

පුත්තලම
ඡායාරූප ශීර්ෂ වැකිය, පුත්තලම

සවස 3.30 වන විට පුත්තලම දිස්ත්‍රික්කය තුළ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශ වී තිබුණු බවයි ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න වාර්තා කරන්නේ.

කුරුණෑගල
ඡායාරූප ශීර්ෂ වැකිය, කුරුණෑගල

ලංකාදීප වර්තාකාරු පුෂ්පකුමාර ජයරත්න පවසන්නේ අද පෙරවරුවේ කුරුණෑගල මන්දගාමී ස්වභාවයක් පැවති අතර ඡන්ද ප්‍රකාශ කිරීමට ජනතාව වැඩි වශයෙන් පැමිණියේ ප.ව. 2.00 පසු වී බවයි.

දිගු පෝලිම් දකින්නට නැති නමුත් අද දහවල් වන විට උතුරේ සියයට 54 පමණ ඡන්ද ප්‍රකාශ කොට තිබුණු බවයි වවුනියාව වාර්තාකරු දිනසේන රතුගමගේ පැවසුවේ.