මැතිවරණ ප්‍රචාරයට නිල වාහන ගත්තොත් කුලියක්

ඡායාරූප මූලාශ්‍රය, CAFFE
ඡන්ද අපේක්ෂකයන් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රජයේ නිල වාහන භාවිතා කරන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂයක මාසික ගාස්තුවක් අය කර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

ඡායාරූප මූලාශ්‍රය, CAFFE
තම පක්ෂයේ හෝ අපේක්ෂකත්වයේ ප්‍රවර්ධනය සඳහා නිල වාහන පාවිච්චි කිරීමේදී ඒ සඳහා යන ඉන්ධන වියදම සිය පෞද්ගලික ධනයෙන් වැය කළ යුතු බවද කැබිනට් මණ්ඩලය නිවේදනය කළේය.
ඉදිරි මැතිවරණය සඳහා තරඟ වදින සියලුම පක්ෂවල අපේක්ෂකයන්ට මෙම නීතිය බලපානු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, airforce.lk
කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රජයේ දේපළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ලබා දී තිබෙන උපදෙස් මතයි.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා යොදා ගන්නේ නම් ඒ සඳහා යන වියදම අපේක්ෂකයා පෞද්ගලිකව දැරිය යුතු බවද කැබිනට් මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.




