මෛත්‍රී-මහින්ද රජයක් - විමල් වීරවංශ

ඡායාරූප මූලාශ්‍රය, AP
අගෝස්තු 17 වැනි දින මෛත්‍රී-මහින්ද රජයක් පිහිටුවා එක්සත් ජාතික පක්ෂය ගෙදර යවන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
ඔහු එසේ පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවකදීයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාත් අතර පවතින්නේ පෞද්ගලික මතභේද බව කියා සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා පක්ෂයේ නාමයෙන් දෙදෙනාම එකඟත්වයකට පැමිණ සිටින බවයි ප්‍රකාශ කළේ.
එක්සත් ජනතා සන්ධානයේ බෙදීමක් ඇතිවීම වැළැක්වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාත් ඓතිහාසික ගිවිසුමකට එළඹ සිටින බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
මහ ලේකම්ගේ නිවේදනය
මාධ්‍ය හමුව ආරම්භවීමට ප්‍රථම නිවේදනයක් නිකුත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා, මහ මැතිවරණයට තරඟ වැදීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට නාමයෝජනා ලබා දෙන බව සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පැවැත්වුණු සන්ධාන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී "සාකච්ඡාවට භාජනය කළ පරිදි," හිටපු ජනපතිවරයාට නාමයෝජනා ලබාදීමට තීරණය කෙරුණු බවයි නිවේදනයේ සඳහන් වෙන්නේ.
"ඒ අනුව ඉදිරි දින කීපය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් වනු ඇත," යනුවෙන්ද නිවේදනයේ සඳහන්.
මේ ප්‍රකාශ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවමත් කිසිවක් ප්‍රකාශ කොට නැත.








