'අපි සටනට ලෑස්තියි': රනිල්ගෙන් මහින්දට අභියෝගයක්

තමන්ට එරෙහිව එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වන මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අභියෝග කරයි.
අගමැතිවරයා එම අභියෝගය කළේ ඉරිදා සවස් යාමයේ දඹුල්ලේ ගලේවෙල දී ජනහමුවක් අමතමින්.
"අපි සටනට ලෑස්තියි," ඔහු පැවසීය.
"මම දන්නෑ හිටපු ජනාධිපතිතුමා දැන් සටනට එනවද, පැනල යනවද කියල. අගමැති අපේක්ෂකයා වෙලා කරුණාකරලා ඡන්දෙට එන්න කියල මම ඉල්ලීමක් කරනවා. බයනම් ගෙදර ඉන්න," අගමැතිවරයා පැවසීය.
'සුදු වෑන් කාටද?'
හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙසින් අනිවාර්යයෙන්ම මැතිවරණයට ඉදිරිපත් වන බවයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී <link type="page"><caption> කුමාර් වෙල්ගම</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/06/150628_smbp_mahinda_pm_candidate" platform="highweb"/></link> බීබීසී සංදේශයට කියා සිටියේ.
එහෙත් පසුගිය ජනපතිවරණයේදී පරාජයට පත් කළ 'රාජපක්ෂ රෙජීමයට' යළි බලයට පත්වීමට කිසිසේත් ඉඩ නොතබන බවයි, අගමැතිවරයා අවධාරණය කරන්නේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිසියම් ලෙසකින් ආණ්ඩුවක් පිහිටවුවහොත් එම ආණ්ඩුවේ වගකීම් බෙදා දෙන ආකාරය හෙළි කරන ලෙසද අගමැතිවරයා ඉල්ලා සිටියේය.
"කරුණාකරලා කියන්න කවුද සුදු වෑන් භාරව ඉන්නේ ඊළඟ ආණ්ඩුවේ ඔබතුමා ඇතිකරාම, කවුද හොරකම් භාරව ඉන්නේ, කවුද එතනෝල් ගේන්නේ, කවුද කුඩු කාරයෝ, හදන කැබිනට් එක කරුණාකරලා අපිට කියන්න."
දූෂණ, වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ චෝදනා ලත් පුද්ගලයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙනු ඇති බවයි, මේ අතර <link type="page"><caption> එස්බී දිසානායක අමාත්‍යවරයා</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/06/150628_sp_sb_dissanayake_election" platform="highweb"/></link> සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.
මහ මැතිවරණයේ ප්‍රතිඵලය කවරක් වුවත්, ඉන් අනතුරුව පිහිටවනු ලබන්නේ ජාතික ආණ්ඩුවක් බවද අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.








