ගෙවිලියට බැඳි ආදරයෙන් උපන් ග්ලාස්ටන්බරි

ඡායාරූප මූලාශ්‍රය, Getty

    • Author, තිසර අරවින්ද රතුවිතාන
    • Role, බීබීසී

සංගීත ලෝලීන්ට ගී ගඟුලක්. විනෝදකාමීන්ට සැණකෙළියක්. ප්‍රේමවන්තයින්ට පාරාදීසයක්. රසකාමීන්ට නිදහස් තෝතැන්නක්. නර්තන ලෝලීන්ට එකම වේදිකාවක්. පරිසර හිතවාදීන්ට හරිත නිම්නයක්.

බ්‍රිතාන්‍යයේ මුළු දෙන විශාලතම සංගීත සැණකෙළිය, ග්ලාස්ටන්බරි සංගීත උළෙල.

කඳවුරු බැඳ ගෙන මේ සැණකෙළිය විඳින්නට ලොව නන් දෙසින් සුවහසක් රසකාමීන් එක් රොක් වන්නේ එංගලන්තයේ ග්ලාස්ටන්බරි ප්‍රදේශයේ පිහිටි අක්කර දහසක පමණ වපසරියකින් යුත් ගොවිපළකට.

ඡායාරූප මූලාශ්‍රය, PA

ලෝකයේ විශාලතම සංගීත ප්‍රසංගයක් බවට පත් වී තිබෙන ග්ලාස්ටන්බරි උළෙලේ ආරම්භය පිටුපස ඇත්තේ ගොවියෙකු සහ ගෙවිලියක අතර පැවති ප්‍රේම වෘත්තාන්තයක්.

මයිකල් ඊවිස් සහ සිය ගෙවිලිය ජීන් ගේ පෞද්ගලික සාදයකින් ඇරඹි මෙය අද බ්‍රිතාන්‍යයේ විශාලතම සංගීත උළෙල.

ඡායාරූප මූලාශ්‍රය, Getty

පෙමින් වෙලී සිටි මේ යුවළ පැවැත් වූ සාදයකට එක්දහස් පන්සීයක පමණ පිරිසක් ඔවුන් ගේ ගොවිපළට රැස් වුණේ එක්දහස් නවසිය හැත්තෑවේදී.

එවකට බ්‍රිතාන්‍යය පැවතුණේ ආර්ථික අවපාතයක. මයිකල්, ජීන් යුවළට ණය පියවන්න සිදු වුණේ ගොවිපළේ කිරි විකුණලා.

නමුත් මයිකල් දැන් වසරකට පවුම් දශ ලක්ෂයක් පුණ්‍ය කටයුතුවලට වෙන් කරන්නේ ග්ලාස්ටන්බරි සැණකෙළියෙන් ලබන ආදායම සරු නිසා.

ඡායාරූප මූලාශ්‍රය, Getty

2010 වසරේ සැණකෙළිය ආරම්භ වීමට මාසයක් තිබියදී ජීන්, මයිකල්ගෙන් සදහටම සමු ගත්තා. ඇයට පිළිකා රෝගයක් වැළඳී තිබුණා.

ජීන්ට කෙරෙන ගෞරවයක් ලෙස ප්‍රසංගය දිගටම පවත්වා ගෙන යාමට ඇගේ දියණිය එමිලි දැන් පියාට අත දෙනවා.

ග්ලාස්ටන්බරි උළෙල ගැන කළ විමසුමක හඬ පටය මෙහි අමුණා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප මූලාශ්‍රය, PA