19 සම්මත වනතුරු සෝභිත හිමි සත්‍යග්‍රහයක

ඡායාරූප මූලාශ්‍රය, newsfirst.lk
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන තුරු නොනවත්වා සත්‍යග්‍රහයක නිරතවීමට මාදුළුවාවේ සෝභිත හිමියන් තීරණය කර තිබේ.
ඉරිදා සවස පැවැත්වුණු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ රැස්වීමකදී එම තීරණය ගන්නා ලද බව ව්‍යාපාරයේ සාමාජිකයෙක් බීබීසී සංදේශයට පැවසීය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, විවාදයකින් අනතුරුව එය අඟහරුවාදා සම්මත කරගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ආණ්ඩුවේ අපේක්ෂාවයි.
ජාතිය ඇමතීම
එයට පක්ෂව ඡන්දය දෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය සතියේ තීන්දු කරන ලද නමුත්, සංශෝධනය සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂනායකවරයා ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවයි, <link type="page"><caption> සන්ඩේ ටයිම්ස් පුවත්පත</caption><url href="http://www.sundaytimes.lk/150426/columns/146277-146277.html" platform="highweb"/></link> වාර්තා කරන්නේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කිසිදු සංශෝධනයක් සම්මත කිරීමට ඉඩ නොදෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා තීරණය කර තිබෙන බව, <link type="page"><caption> විජිත හේරත් මන්ත්‍රීවරයා</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/04/150422_tissa_bribery_jvp" platform="highweb"/></link> මේ අතර චෝදනා කරයි.
මේ තත්වය යටතේ විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන 19 වැනි සංශෝධනය සම්මත කරන තුරු සත්‍යග්‍රහයේ යෙදීමට සෝභිත හිමියන් තීරණය කර තිබේ.
සියලු ශ්‍රී ලංකාවාසීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම පිණිස 19 වැනි සංශෝධනය සම්මත කරගැනීමට සහාය දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය බ්‍රහස්පතින්දා <link type="page"><caption> ජාතිය අමතමින්</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/04/150423_president_address_nation.shtml" platform="highweb"/></link> සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටියේය.




