19 ව්‍යවස්ථා සංශෝධන විවාදය 27ට කල් යයි

ඡායාරූප මූලාශ්‍රය, EPA
ජනාධිපති බලතල අඩු කර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන 19 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය හා ඡන්ද විමසීම ලබන 27 හා 28 දක්වා කල් දැමීමට තීරණය කළ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
19 වන ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනීමට නියමිතව තිබුණේ අඟහරුවාදා(20) සහ බදාදා(21) යන දෙදින තුළයි.
නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ගිය විරෝධතාව හේතුවෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විවාදයට ගැනීමට නොහැකි වී තිබේ.
ඒ හේතුවෙන් ඇතිවූ උණුසුම්කාරී තත්වය මත පාර්ලිමේන්තුව අවස්ථා කිහිපයකදීම කල් තැබීමට කථානායකවරයාට සිදු විය.
19 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය 27 හා 28 යන දෙදින දක්වා කල් දැමීමට තීරණය වූයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමකදී.
දහනව වන ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැනීමට සහ මැතිවරණ ක්‍රමය පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා සිදු වනු ඇති බවටයි වාර්තා වන්නේ.




