මහින්ද අල්ලස් කොමිසමට 'කැඳවන්න එපා'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට නොකැඳවන බවට සහතික කරන තුරු පාර්ලිමේන්තු සභා ගැබෙන් නික්ම නොයන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසති.
පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මධ්‍යයට පැමිණ විරෝධතාවයක් නියැලුණේ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පාමින්.
පාර්ලිමේන්තුවේ සඳුදා දිනයට නියමිත කටයුතු මේ වනවිට අවසන්ව තිබෙන නමුත් හිටපු ජනාධිපතිවරයා කොමිසමට නොකැඳවන බවට ලිඛිත පොරොන්දුවක් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා තමන්ට ලබා දෙනතුරු සිය විරෝධය නොනවත්වන බවයි, විරෝධතාවයේ යෙදෙන මන්ත්‍රීවරුන් පවසන්නේ.
'ඇඟිලි ගහන්නේ නෑ'
එසේ පොරොන්දුවක් නොලැබුණහොත් පාර්ලිමේන්තුවේම රාත්‍රිය ගත කිරීමට පවා තම කණ්ඩායම සූදානම් බවයි, විරෝධතාවයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර බීබීසී යට කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, අල්ලස් කොමිසමේ ක්‍රියාවන් සදහා රජයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව අවධාරණය කළේය.
හිටපු ජනාධිපතිවරයා කැඳවන්නේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පමණක් බවද අගමැතිවරයා පැවසීය.
අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය අගමැති බිරිඳගේ හිතවතියක් බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා එල්ල කළ චෝදනාව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කළේය.
"තාමත් අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක්ම දරන්නේ හිටපු ජනාධිපතිවරයා පත්කළ අයයි. අපි අල්ලස් කොමිසමට ඇඟිලි ගහන්නේ නැහැ," ඔහු පැවසීය.








