ස්ත්‍රී පුරුෂ භාවය: දැන්වීම් 'තහනම් කරන්න'

ඡායාරූප මූලාශ්‍රය, AFP
දරු උපතකට කලින් දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය නිර්ණය කෙරෙන පරීක්ෂණ සඳහා අන්තර්ජාලයේ පළ වන දැන්වීම් අවහිර කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ගූගල් සහ යාහූ ආයතනවලට නියෝග කළේය.
ගැහැණු දරුවන් ගබ්සා කිරීමට ඇතැම් ඉන්දීය දෙමාපියන් උත්සාහ කරන බැවින් මෙවැනි දැන්වීම් ඉන්දියාවේ තහනම් කර තිබේ.
නමුත් අන්තර් ජාලය ඔස්සේ ගබ්සා සේවා ලබා ගැනීමට හැකි බව පවසමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණ.
තීන්දුවට අදාළ සවිස්තරාත්මක නීති රීති මාලාවක් ඉදිරි සති දෙක තුළ නිකුත් කරන බවයි, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ.




