රාවය කර්තෘ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ඡායාරූප මූලාශ්‍රය, Ravaya
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය දෙකහමාරක් පමණ තමාගෙන් ප්‍රශ්න කළ බව රාවය පුවත්පතේ කතුවරයා පවසයි.
ජනාධිපතිවරණය පිළිබඳ තම පුවත් පතේ පළ කළ ලිපියක් ඊට හේතු වී ඇති බවයි රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන බීබීසීයට කියා සිටියේ.
පසුගිය නොවැම්බර් තිස් වනදා රාවය පුවත්පතේ සිරස්තලය වූයේ ‘මෛත්‍රීට 59% මහින්දට 41%යි. බුද්ධි ලොක්කා ඉවතට’ යන්නයි.
එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ ලැබුණු තොරතුරු පදනම් කර ගනිමින් රජයේ බුද්ධි අංශ ප්‍රධානියා විසින් සකසන ලද වාර්තාවක් ඉහත කී ප්‍රධාන සිරස්තලයට පසු බිම වූ බව රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන පැවසුවේය.
'සත්‍ය තොරතුරු'
බුද්ධි අංශ වාර්තාවෙන් අසතුටට පත් ජනාධිපතිවරයා විසින් රජයේ බුද්ධි අංශ ප්‍රධානියා ධුරයෙන් ඉවත් කර ඇති බවත් ඉහත කී පුවත්පත් ලිපියේ සඳහන් විය.
එම වාර්තාව සත්‍ය වාර්තාවක් බව තවමත් වගකීමකින් යුතුව කියා සිටින්නේද යන්න බීබීසීයේ තිසර රතුවිතාන විමසූ අවස්ථාවේ රාවය කතුවරයාගේ පිළිතුර වූයේ ‘අනිවාර්යයෙන්ම අපට ලැබී තිබෙන තොරතුරු අනුව එම වාර්තාවේ සත්‍යතාවය පිළිබඳ කිසිම අභියෝගයක් එල්ල වෙලා නැහැ’ යන්නයි.
ඉහත කී ලිපිය පළ වීමෙන් අනතුරුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් යැයි කියා ගත් පිරිසක් පැමිණ කොළඹ අවට සහ ආනමඩුවේ රාවය අලවි නියෝජිතයන් බිය වද්දා තොරතුරු ලබා ගෙන ඇති බවත් රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇමතීමට බීබීසීය ගත් උත්සාහය සාර්ථක නොවීය.








