ඉන්දියාව කොදෙවු සංචාර අත්හිටුවයි

ඡායාරූප මූලාශ්‍රය,
බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ සියලු අනාගත සංචාර අවලංගු කළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, කොදෙවු කණ්ඩායමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් නිවේදනය කළේය.
ඉන්දීය ක්‍රිකට් බලධාරීන් එම පියවර ගත්තේ ක්‍රීඩකයන්ගේ වැටුප් සම්බන්ධ මතභේදයක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක් හදිසියේම අතරමඟ නතර කිරීමෙන් අනතුරුවයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2016 පෙබරවාරි මාසයේ කොදෙවු දූපත්වල සංචාරයක යෙදීමට නියමිතව තිබිණ.
බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබුණු තරඟවලට සහභාගි වීමට ශ්‍රී ලංකාව එකඟ වී තිබෙන නමුත් කොදෙවුවන්ගේ සංචාරය අතරමඟ නවතා දැමීම හේතුවෙන් ඉන්දියාවට ඩොලර් කෝටි පහක පමණ ආදායමක් අහිමි වනු ඇති බව තක්සේරු කෙරේ.
හදිසියේම තමන් කළ ඉල්ලීම පිළිගෙන ඉන්දියාවේ සංචාරය කිරීමට ශ්‍රී ලංකාව එකඟවීම අගය කරන බවත් ඉන්දීය පාලක මණ්ඩලය පවසයි.
එහෙත් ලෝක කුසලානයක් මුවවිටේ තිබියදී මෙවැනි සංචාරයකට එකඟවීම කණ්ඩායමේ සියලු සැලසුම් අඩපණ කරන්නක් බව <link type="page"><caption> අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/10/141020_arjuna_sanga_india.shtml" platform="highweb"/></link> සංදේශයට කියා සිටියේය. කුමාර් සංගක්කාරද පාලක මණ්ඩලයේ එම තීරණය විවේචනය කොට තිබේ.




