සජිත් අගමැති අපේක්ෂකයා කළ යුතුයි - හරීන්

ඡායාරූප මූලාශ්‍රය, unp.lk
ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කැපවීමට ප්‍රථම සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කළ යුතුව තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසුවේය.
‘මේ රට මේ වට්ටලා තියන වලෙන් ගොඩ ගන්න, මේ ගිලිලා තියන නැව ආයත් ජැක් එකක් ගහලා උස්සලා ගන්න පුළුවන් අපි කැමති උනත් අකමැති උනත්, හිනාව බැරි උනත් අතපත ගාලා උම්මා දෙන්න බැරි උනත් මේ රටේ මොළයක් තියෙන පුද්ගලයෙක්ට ඉන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි’ යනුවෙන් හරීන් ප්‍රනාන්දු කියා සිටියේය.
එසේ පැවසූ හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා ‘ඒ එක්කම අපේ ඉන්නවා හොද ගමේ බඩුවක්. සජිත් ප්‍රේමදාස මහත්තයා. එතුමාට තියනවා ගම් මට්ටමෙන් ගිහින් කටයුතු කරන්න. මේ ඡන්දයට කැපවීමක් කරනවානම් අපි සජිත් ප්‍රේමදාසව අගමැති අපේක්ෂකයා කළ යුතුමයි කියන දේ මම රනිල් වික්‍රමසිංහ නායකතුමන්ගෙන් ඉල්ලා සිටිනවා’ යනුවෙන් කොලොන්නාව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් ප්‍රකාශ කළේය.
හැත්තෑ හතේ
එක්දහස් නවසීය හැත්තෑ හත වසරේ පැවති මැතිවරණයේදී එවකට අගමැති අපේක්ෂකයාව සිටි ජේ ආර් ජයවර්ධන කටයුතු කළ ආකාරය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහද ආදර්ශයට ගෙන ප්‍රචාරක රැස්වීම්වල කතා කිරීමෙන් වැළකී සිටි යුතු බවත් හරීන් ප්‍රනාන්දු කියා සිටියේය.
‘එදා 1977 ජේ ආර් මහත්තයා කෑ ගගහා ගියේ නැහැ රැස්වීම් වල. ප්‍රේමදාස මහත්තයා, ගාමිණී දිසානායක මහත්තයා, මල්ලිමාරච්චිලා ඒගොල්ලෝ තමයි අරන් ගියේ. ජේ ආර් මහත්තයා වේදිකාවට නැගලා කියනවලු, මම ඉතින් මොනා කතා කරන්නද ඔක්කොම කතාකරුවොනේ. මට ජය වේවා කියලා ඉද ගන්නවලු. රනිල් ලොක්කත් ඔහොම ඇවිල්ලා කිව්වොත් ආ ඔක්කොම කතා කළානේ, මටත් ජය වේවා කියලා බඩු හරිනේ. අපි දිනනවානේ.’ යනුවෙන් ඔහු පැවසීය.
අවුරුදු විස්සක් මැතිවරණ විසි නවයක් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වූ බව කියා සිටින පිරිස් වලට පිළිතුරු සපයමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටේ ලෝකයේ දියුණු වූ සෑම මිනිසෙකුම දියුණු වී ඇත්තේ වැටී පැරදී නැගී සිටීමෙන් අනතුරුව බවයි.




