ඉන්ධන මිල හා විදුලි බිල පහතට - ජනාධිපති

ඡායාරූප මූලාශ්‍රය, AFP
බදාදා සිට බලපැවැත්වෙන පරිදි විදුලි බිල හා ඉන්ධන මිල අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනය කළේය.
චීන ජනාධිපති ෂී ජින්පින්ග් සමග නොරොච්චෝලේ තාප බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
එ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් පහකින්ද, භූමි තෙල් ලීටරයක මිල රුපියල් විස්සකින්ද, ඩීසල් ලීටරයක් මිල රුපියල් තුනකින්ද පහළ දැමීමට නියමිතයි.
නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරයේ අවසන් අදියරය විවෘත කිරීමත් සමග විදුලි බිල සියයට විසි පහකින් පහළ දැමීමට තීරණය කළ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
පුත්තලමට නොපැමිණි දෙරටේ ජනාධිපතිවරු කොළඹ ජනාධිපති කාර්යාලයේ සිට දුරස්ථ පාලකයක් ආධාරයෙන් සිහිවටන පලකය නිරාවරණය කළහ.
විවෘත කිරීමේ අවස්ථාව සඳහා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ උත්සව දෙකක් සංවිධානය කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, AP
විවෘත කිරීමේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි බව පුත්තලමට ගොස් සිටි ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න සංදේශයට කියා සිටියේය.




