අධිවේගී මාර්ගයේ පාපැදි පදින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

ඡායාරූප මූලාශ්‍රය, Alistair Brownlee
ග්ලාස්ගෝ නුවර අසල <link type="page"><caption> අධිවේගී මාර්ගයක</caption><url href="http://www.bbc.co.uk/sport/0/cycling/28446017" platform="highweb"/></link> පාපැදිවලින් ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවු දෙනකු පොලිසිය විසින් නතර කරනු ලැබිණ.
ඔවුන් ස්කොට්ලන්තයේ නීතිය උල්ලංඝණය කොට ඇති බැවින් වහාම සිය පාපැදිවලින් බසින මෙන් උපදෙස් දුන් බවයි, ස්කොට්ලන්ත පොලිසිය පවසන්නේ.
"එම ස්ථානයට ලඟා වූ පොලිසිය ඔවුන්ට උපදෙස් සහ උපකාර ලබා දුන්," බව පොලිසිය පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවු දෙනා අධිවේගී මාර්ගයේ පාපැදිවලින් ගමන් කළ ආකාරය ඡායාරූපගත කළ එංගලන්ත ඔලිම්පික් ශූර ඇලිස්ටර් බ්‍රවුන්ලී, එය <link type="page"><caption> ට්විටර් ජාලයට</caption><url href="https://twitter.com/AliBrownleetri/status/491900941697056768/photo/1" platform="highweb"/></link> එක් කොට තිබිණ.
2002 දී මැන්චෙස්ටර් නුවර පැවැත්වුන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අධිවේගී මාර්ගයක සැතපුම් 17 ක් පාපැදිවලින් ගමන් කළ කෙන්යානු ජාතික ක්‍රීඩකයන් දෙදෙනකු බෝල්ටන් ප්‍රදේශය අසලදී පොලිසිය විසින් නවත්වනු ලැබිණ.




