අධිකරණ වෛද්‍ය නිලධාරියා උසාවිය හමුවට

අලුත්ගම ගැටුම්වලින් මියගිය පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මතභේදයට ලක් කොට ඇති නිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කොට තිබේ.
නීතිඥයන් විසින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේ කැපුම් තුවාල වලින් එම පුද්ගලයා මිය ගිය බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා සිය වාර්තාවේ දක්වා ඇතත් ඔහු වෙඩි ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවට ලක්ෂණ ඇති බවයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය පැවසුවේ මළ සිරුර ගොඩ ගන්නා ලෙසට අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පශ්චාත් මරණ පරීක්ෂණය නිරීක්ෂණය කළ බව පැවසූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය, අධිකරණ වෛද්‍යවරයා විසින් මිය පුද්ගලයකු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව එම පුද්ගලයාගේ පාර්ශවය විසින් මතභේදයට ලක් කොට ඇති බවයි කියා සිටියේ.




