විවාහයට අතිරේක ප්‍රශ්නයක් ; වකුගඩු රෝගියෙක්ද?

තිස් වසරක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ත්‍රිකුණාමලයේ ජනතාව දැන් තවත් ව්‍යසනයකට මුහුණ දී සිටිති. ඒ වකුගඩු රෝගයයි.
නැගෙනහිර පළාත් සෞඛ්‍යය ඇමති එම් .එල්. මොහොමඩ් පෙන්වා දෙන්නේ, රෝගය බහුලව පැතිර පවතින ගම්මානවල තරුණ තරුණියන්ට විවාහ යෝජනාවක් ගෙන ඒමේ දී, ඔහු හෝ ඇය වකුගඩු රෝගියෙක් දැයි විමසීමේ සංස්කෘතියක් දැන් එම ගම්මාන වල නිර්මාණය වී තිබෙන බවයි.
වකුගඩු රෝගීන් බහුලව සිටින ප්‍රදේශයක් ලෙස වාර්තා වෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී ශෝබා කුඹුරේගම වකුගඩු රෝගීන් ගැන විමර්ශනයක යෙදී සිටින අතර, එම රෝගය වැළඳීමට ජානමය බලපෑමක් ද ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
වෛද්‍යවරිය තවදුරටත් කියා සිටියේ, අදාළ විමර්ශන සඳහා කාලය හා පහසුකම් ප්‍රශ්නයක් වී ඇතත් තමා එම කාර්යයෙහි දිගටම නිරත වී සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පළාතේ සෞඛ්‍යය ඇමතිවරයා රෝගය ව්‍යාප්ත වීමට නියත හේතුව කුමක් දැයි තවමත් පරීක්ෂා කෙරෙමින් ඇතැයි කියා සිටියේය.
ගම් වැසියන් කියා සිටින්නේ, ගොවිතැනට යොදන කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පළාතේ වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් ඇති බවයි.
රෝගීන් ගේ බෙහෙත් සඳහා රජයෙන් යම්කිසි මුදලක් ලබා දුන්නත් ,එම මුදල් ප්‍රමාණය රෝගීන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ගම්වැසියෝ පවසති.




